Thursday, 3 October 2024

"හොන්ඩා" HONDA

 


 

'එදා මම මේ රථය ළඟට දුවගෙන ගියේ පිස්සෙක් වගේ.ගිහින් ඒ දිහා බලගෙන ඉද්දි රථයෙන් දහනය වී ගලාගෙන ආපු තෙල් සුවඳ මට අද වගේ මතකයි.ඒ සුවඳ කිසිදා මට අමතක කළ නොහැකි'' මේ කියමන මම මේ කියන්න හදන කතාවේ අවසානය වන තෙක් හොඳින් මතක තියා ගන්න.

මොහු 1906 ජපානයේ ඉපදුනු පුංචි කොලු පැටියෙක්. දුප්පත්කම නිසා පාසල් යන්න නොහැකිවුන  හින්දා අවුරුදු 15 දී මොහුට ටෝකියෝවේ ගරාජයක රස්සාවට යන්න සිද්ධ වෙනවා.

හැබැයි ගරාජයේ වැඩ වෙනුවට ඔහුට ලැබුන රැකියාව තමයි ගරාජ් හිමිකරුගේ දරුවා බලාගන්න එක. ඔහු කලේ දවස පුරාම දරුවාව පිටේ එල්ලාගෙන මුලු ගරාජය පුරාම ඇවිද්දා.හැබැයි එහි වෙන වැඩ පිළිබඳවත් හොඳ අවධානයකින් බැලුවා.

තරුණ වයසෙදි ඔහු ඒ දවස්වල ප්‍රසිද්ධ කොම්පැනියක් වුන ටොයෝටා සමාගමේ මිකෑනික් වරයෙක් විදිහට බැඳුනා.කාලය ගතවුනා. ඔහු දැන් ඉතා දක්ෂ මිකෑනික් වරයෙක්.හැබැයි

ඔහු අනික් මිකෑනික් වරුන් ට වඩා වෙනස්. අනික් අයගේ සිහිනය වුනේ කොහොම හරි ජපානයේ හොඳම වාහන නිපදවන සමාගමේ මිකෑනික් වරයෙක් වෙන්න.

හැබැයි මොහු දැකපු ලොකු හීනයක් තිබ්බා.ඒ තමයි

ඒ ඔහුගේම මෝටර් රථ සමාගමක් නිර්මාණය කරන එක.

ඉතින් තමාගේ ම මෝටර් රථයක් නිපදවන්න සිහින දැකපු මේ තරුණයාට  ටොයෝටා සමාගම අදාල පරීක්ෂණ කටයුතු කරන්න ඉඩ දුන්නා. හැබයි ඒකට වැයවෙන මුදල් සේරම ඔහුට තනිවම දරා ගන්න සිද්ධ උනා. ඉතින් ඔහු කෙතරම් මේ සඳහා මුදල් වැය කෙරුවාද කීවොත් බෝඩිමට සමුදී ගරාජයේ බංකුවක් මත නිදාගත්තා.

මේ විදිහට ඔහු අවුරුදු දෙකක් බංකුව මත නිදාගත්තා. ඒ තමන්ගෙ සිහින රථය ඉලිදක්වන්න.එහි ප්‍රථිපලය සිහින මෝටර් රථය එලිදැක්වීම.

ඒත් ටොයෝටා සමාගම මේ මෝටර් රථය නිපදවීම ප්‍රතික්ශේප කරා.

කතාව ඉවර කරන්න කලින් ප්‍රශ්නයක් අහන්නද

ඔබ ඔහු නම් කුමක් කරයිද?

ඔහු නැවතත් තමන්ගේ පරීක්ෂණ කටයුතු ගෙන ගියා. බංකුව මත තවත් අවුරුදු කීපයක් නිදාගන්න සිදුවුනා.

අවසානයේ ඒ අඩුපාඩු මගහැරපු ඔහුගේ නව මෝටර් රථය ටොයෝටා සමාගමට ඉදිරිපත්කරා...

සමාගම එය පිලිගත්තා..

කතාව එතනින් නවතින්නෙ නෑ. අවසානයේ ඔහුගේ සිහිනය සැබෑවෙන්න ඔන්න මෙන්න තියෙද්දි දෙවන ලෝක යුද්ධය ආරම්භ වුනා.

ඉතින් කිසිම ආයෝජකයෙක් මේ මෝටර් රථයට ආයෝජනය කරන්න ඉදිරිපත්වුනේ නෑ. ඔහු වසර ගණනාවක් ආයෝජකයින්ට ලිපි ලීවා. අවසානයේ ආයෝජකයින් දෙදෙනෙක් ඉදිරිපත්වුනා.ඔහුගේ නව මෝටර් රථ කම්හල ඉදිවුනා...

සියල්ල සතුටෙන් විසිරගියා කියලාද හිතන්නේ....

 

නෑ... 1945  දී ඇමරිකාව විසින් ජපානයට හෙලූ බෝම්බ ප්‍රහාරයකින් මේ කර්මාන්ත ශාලාව පොලොවට සමතලා වුනා.මේ වෙනකොට මේ තරුණයා  එකතුකල මුදල්... පොදිගැසූ හීන යලිත් දියවුනා. හිටපු තැනටත් අන්තයට වැටුනා.

ඔබ මොහුනම් කුමක් කරයිද..?

ඒත් මොහු කතාව අපිට මෙතනින් නතරකරන්න ඉඩදෙන්නේ නෑ...

මොහු නව නිපැයුම් කරුවෙක්. ඒ වගේම හොඳ ව්‍යවසායකයෙක්. ඒ මොහු කල්පනා කලා කොහොමද ආයෙ වැඩේ ගොඩදාන්නෙ කියලා.

ඔහු ආයෙමත් කාර් එක හදන්න ගියේ නෑ, මොකද ඒ වෙනකොට ජපානයේ කාර් මිල ඉතා ඉහලයි. කවුරුවත් ගන්නෙත් නෑ...

ඔහු ඒ හින්දා එයට පිලියමක් ලෙස මෝටර් බයිසිකලයක් නිපදෙව්වා.

1949 දී අශ්වබල 3Dream මෝටර් බයිසිකලය ලොවට බිහිවුනා...

ඒ විතරක් නෙවේ එය මොහුව කෝටිපතියෙකු කලා.

වැඩේ නැගලා ගියා කියලා ඔහු මෝටර් බයිසිකල් මුදලාලි කෙනෙක් වෙලා ආතල් එකේ ඉන්න හිතුවේ නෑ.  ආපහු ඔහුගේ සිහින මෝටර් රථය  නිපදවන්න තීරණය කරා. මෙවර සියල්ල හොඳින් සිදුවුනා.

අවසානයේ ඔහු නිපදවු මෝටර් රථය ලොව ඉතා ජනප්‍රිය වුනා.  ඒ විතරක් නෙවේ අද වනවිට තමන් මිකෑනික් වරයෙක් ලෙස වැඩකරපු ටොයෝටා සමාගම සමග කරට කර සිටින මෝටර් රථ සමාගමක්...

මෙච්චර අමාරු ගමන්ක් පසුකරපු ඒ මෝටර් රථ තමා...

"හොන්ඩා" HONDA

මේ කොලුවාගෙ නම තමා සොයිචිරෝ හොන්ඩා.

ඔබටත් මේ වගේම බාදක වලින් පිරුනු අතීතයක් ඇති. මෙය කියවපු හැමෝටමත් එහෙම ඇති.ඒ බාධක ජයගත්ත අය වෙන්න ඇති.

කියන්න ඕනෙ වුනේ මෙච්චරයි.

බාධක එන එක ඔබට පාලනය කරන්න  බෑ..

ඒත් ඔබට පුලුවන් පරාජය වෙන එක පාලනය කරන්න...

Tuesday, 1 October 2024

RV Flip‍ යාත්‍රාව

 


මුහුදු යාත්‍රා කිව්වම ඔයලාට මුලින්ම මතක් වෙන්නේ මොනවද?

නැව්.... සබ්මැරීන්....?

ඒ අතරිනුත් ට‍යිටැනික්,සැන්ටා මරීයා,ඇරිසෝනා වගේ ලොකු කතාවක් එක්ක ඉතිහාසගතව ප්‍රසිද්ධියට පත් වුනු නෞකා කියලා අපි දන්නවා.ඒත් එතරම් ප්‍රසිද්ධියට පත් නොව්නත් අද අපි කතා කරන්නේ ලෝකයේ නිර්මාණය කර තිබෙන දුර්ලබ ගණයේ මුහුදු යාත්‍රාවක් ගැන.සාගරය පිළිබඳ පර්‍යේෂණ නෞකා ලෝකයේ ඕනෑතරම් තිබෙනවා.

RV Flip යාත්‍රාව කියන්නෙත් ඒ වගේ මුහුද මැද පරික්ෂණ කරන යාත්‍රාවක්.මේ නෞකාව මේ තරම් විශේෂ වෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා.සාමාන්‍යයෙන් නෞකාවක් මුහුද මැද පිහිටලා තියෙන්නෙ තිරස් අතට.

ඒත් තිරස් අතට වගේම සිරස් අතට මාරු විය හැකි ලොව එකම යාත්‍රාව Flip යාත්‍රාව වීම විශේෂත්වයක්.වර්ශ 1962 දී නිර්මාණකරනය ගැන කතා කලොත් එය  ඇමරිකා එක්සත් ජනපදයේ නාවික ඉන්ජිනේරු  කණ්ඩායමකගේ දැවැන්ත උත්සහයක ප්‍රතිඵලයක් විදියට හඳුන්වන්නට පුලුවන්.

එහිදී මේ යාත්‍රාවේ දිග මීටර් 108 ක් සහ බර ටොන් 700 ක් පමණ වන ආකාරයට තමයි ඔවුන් මේ නිමැයුම කරල තියෙන්නෙ.ඉන්ජිනේරුවන් විසින් එය නිර්මාණය කර ඇත්තේ අංශක 90ක් සෘජුව සිරස් අතට ගමන් කළ හැකි වන ආකාරයට

මෙම නෞකාව මුහුද මැද අංශක 90ක් ස්ෘජුව සිරස් අතට හැරවීමට  මිනිත්තු 30ක් පමණ කාලයක්  ගත වනවා.එහිදී මුහුදු ජලය නෞකාවේ පිටුපස ඇති විශාල ටැංකි වලට පොම්ප කරන අතර එමඟින් නැව ජලයේ ගිලී සිරස් අතට පරිවර්තනය වීම සිද්ධ වෙනවා.විශේෂම කාරණාව තමයි මෙම යාත්‍රාවෙ වැඩි කොටසක් ජලයයෙන් ගිලී පැවතීම.

මෙම නෞකාව නිර්මාණය කළ කාලයේ පටන් අද දක්වා මෙය මුහුදු සහ සාගර විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයේ වැදගත්ම නෞකාවක් ලෙස සලකනවා ඊට හොඳම උදාහරනය තමයි තරුණ සාගර ගවේෂකයන් ඔවුන්ගේ ව්‍යාපෘති සඳහා මෙම නෞකාව භාවිතා කිරීම

ඒ විතරක් නෙමෙයි මෙම නෞකාවෙහි මුහුදු ජලයෙන් වැසී  තිබෙන කොටස මීටර් 91ක් වන අතර සාගර ජලයෙන් ඉහලට පිහිටා තිබෙන කොටස මිටර් 17 වනවා.ඒ කියන්නෙ මෙහි වැඩි ප්‍රමාණයක් සාගර පතුලට වෙන්න තමයි පිහිටලා තියෙන්නෙ.

මෙම නෞකාව එම රටේ යුද්ධමය මෙන්ම ජාතික ආරක්ෂක  කටයුතු සඳහා දැඩි දායකත්වයක් ලබා දෙනවා. 

නෞකාවේ ඇතුළත කොටස පිලිබඳ අධ්‍යනය කරද්දී තහවුරු උනේ මෙහි   කාමරවල බඩු භාහිරාදිය නෞකාවේ හැසිරවීම්වලට ගැළපෙන පරිදි නිර්මාණය කර තිබීමයි. එනම් එක් කාමරයකට දොරවල් දෙක බැඟින් තිබීමත් විශේශත්වයක්

 

 

Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව


 


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා SpaceX හි ප්‍රධාන විධායක නිලධාරී Elon Musk මහතා සමඟ පැවති සාකච්ඡාවකදී  Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ දියත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ඉන්දුනීසියාවේ බාලි හි දෙදින නිල සංචාරයක නිරත වී සිටින වික්‍රමසිංහ මහතා 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ රැස්වීමට සහභාගීවීමේදී මස්ක් හමු වූ බව ප්‍රකාශ කෙරේ. ගෝලීය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා SpaceX හි ප්‍රධාන විධායක නිලධාරී Elon Musk මහතා සමඟ පැවති සාකච්ඡාවකදී Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ දියත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබූ බවට මෙහිදී ප්‍රකාශ කෙරේ.

ගෝලීය Starlink ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට කැපවී සිටින බව මෙහිදී ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය. “අපි විවිධ රසවත් මාතෘකා පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූවා. Starlink හි ව්‍යාප්තිය ශ්‍රී ලංකාව වැනි රටවලට විශේෂයෙන්ම පරිවර්තනයක් විය හැකි අතර, අත්‍යවශ්‍ය සේවා සහ තොරතුරු සඳහා ජීවන මාර්ගයක් සපයයි''.මෙහිදී සඳහන් වී තිබේ.ප්‍රකෝටිපති එලොන් මස්ක්  ක්‍රියාත්මක කිරීමට නියමිත Starlink හි අරමුණ වන්නේ අඩු පෘථිවි කක්ෂ චන්ද්‍රිකා භාවිතයෙන් දුරස්ථ ස්ථාන වෙත අන්තර්ජාලය සැපයීමයි 

  • Starlink ප්‍රසිද්ධ වන්නේ ඇයි?
  • සැලකිය යුතු අඩු ප්‍රමාදයක් සහිත Hughesnet හෝ Viasat (අනෙකුත් ජනප්‍රිය ග්‍රාමීය අන්තර්ජාල සපයන්නන් ගැන සඳහන් නොකළ යුතුය) වඩා මධ්‍යස්ථ වේගවත් වේගයක් පිරිනැමීමේ හැකියාව Starlink සතුව තිබීම.
  •  Starlink අන්තර්ජාලයේ අරමුණ කුමක්ද?
  • Starlink යනු පුද්ගලික අභ්‍යවකාශ පියාසර සමාගමක් වන SpaceX විසින් දුරස්ථ ස්ථානවලට අඩු මිලට අන්තර්ජාලය සැපයීම මෙහීදී සිදු කරයි.

හයිටිය



 


ඇමරිකාව මැදිහත් වී සශ්‍රීක  හයිටිය හිඟන රටක් බවට පත් කළා.

පත් වූ සියලුම පාලකයන් රටේ සම්පත් කොල්ලකෑවා.ධනවත් හා බලවත් රටවලින් ආධාර පැතීමේ දී දෙවරක් නොව තෙවරක්ම සිතන්න. එසේ නොවුණහොත් ශ්‍රී ලංකාවට සිදු​වන්නේ ද ඉහත දැක්වූ අනෙක් රටවලට අත්වූ ඉරණමටම මුහුණ දෙන්න. එසේ විනාශ වුන රටක් තමයි හයිටි රාජ්‍යය කියන්නේ. ඒ විතරක් නෙමෙයි හයිටිය කියන්නෙ  දීර්ඝ ඉතිහාසයක් ඇති රටක්.   

උතුරු අත්ලාන්තික් සාගරයේ කැරිබියන් මුහුදේ ඇන්ටිලස් දූපත් සමූහයට අයත්ව කියුබාවට නැගෙනහිරින් පිහිටා ඇති  ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති දූපත් රාජ්‍යයක් විදියට හයිටි හයිටිය හඳුන්වන්න පුලුවන්. මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 27,750 ක් වනවා. මිලියන 11 පමණ ජනතාවක් හයිටි රාජ්‍යයේ ජීවත් වෙනවා. හයිටියේ ස්වදේශික ජනතාව හඳුන්වන්නේ ටයිනෝ  කියන නමින්. මෙහි 95%ක් වැනි ජනතාව කළු ජාතිකයන් වන අතර 5% ක සුදු හා මුලාටෝ ජාතිකයන් ජීවත් වනවා.තවද රටේ බහුතර ජනතාව කතෝලික ආගම අදහනු ලබනවා.'  

හයිටිය යනු මේ වනවිට බලවත් ලෙස දරිද්‍රතාවයෙන් මිරිකී සිටින රාජ්‍යයකි. මෙම රාජ්‍යය අද ​ලෝකය හඳුන්වනු ලබන්නේ ලොව ජීවත්වනු තබා සංචාරය කිරීමටත් සුදුසු නැති රාජ්‍යයන් අතරින් එකක් ලෙසය. සශ්‍රීක රාජ්‍යයක් වූ මෙම රටට මෙවන් විපතක් සිදුවූයේ එහි සිටි අදූරදර්ශී පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසාය.

සීනි සහ කෝපි නිෂ්පාදනය සඳහා සරුසාර භූමියක් ලෙස හඳුනාගත් ප්‍රංශ ජාතිකයින් එහි වගාබිම් ආරම්භ කිරීමට පටන් ගත්තේය. මෙම වකවානුවේ හයිටි රාජ්‍යය කැරිබියන් කලාපයේ මුතු ඇටය ලෙස හඳුන්වන ලදී.  

1825 අප්‍රේල් 17 දින හයිටිය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. මෙතැන් පටන් හයිටිය ස්වදේශික පාලකයන් යටතේ පාලනය වූ අතර මෙම වකවානුවේ හයිටි රාජ්‍යය විශාල දියුණුවකට පත්විය. එමෙන්ම ජනජීවිතය ඉතාමත් ඉහළ මට්ටමකට පත්විය. එම වකවානුවේ හයිටිය සීනි හා රම් නිශ්පාදනය අතින් ඉහළ මට්ටමකට පත්විය. 1911 වකවානුව ව තෙක් හයිටිය ජාත්‍යන්තරය සම්බන්ධකර ගනිමින් ඉතාමත් ශක්තිමත් රාජ්‍යයක් ලෙස පැවැතුණි. ජනතාවට යහමින් මිල මුදල් තිබුණු අතර හයිටියට වහලුන් ලෙස පැමිණි අප්‍රිකානුවන් මෙන්ම ස්වදේශිකයින් ද වෙළෙඳ නාවිකයන් බවට පත්වෙමින් ලොව පුරා සිය නිෂ්පාදන බෙදා හැරීමේ කටයුතුවල යෙදී සිටියහ.  

මේ අතර ආණ්ඩු බලය ලබා ගැනීමට විවිධ කණ්ඩායම් විවිධ ආකාරයේ කුමන්ත්‍රණ සිදුකරනු ලැබීම හේතුවෙන් 1911 සිට 1915 දක්වා කාලය තුළ ජනාධිපතිවරුන් 6 දෙනෙකු පත්කර ගැනීමට හයිටි ජනතාවට සිදුවිය. මෙම සිදුවීම් පසුපස සිට අදිසි හස්තය වූයේ ඇමරිකා එක්සත් ජනපදයයි. හයිටියේ පරිහානිය ක්‍රමයෙන් ආරම්භ වූයේ මෙම ඇමරිකන් අතපෙවීම් සමගය. එක්සත් ජනපදයේ අදිසි හස්තය හයිටි පාලනයට විවිධ බලපෑම් කිරීම දිගින් දිගටම සිදුකළ අතර හයිටිය යනු ඉල්ලමක් බව ඔවුහු වටහාගෙන සිටියහ.


එක්සත් ජනපදයට හයිටිය මෙතරම් වටිනා රාජ්‍යයක් බවට පත්වුණ තවත් හේතුවක් විය. ඒ හයිටිය සතුව තිබූ ටයිටේනියම් නිධිය. එමෙන්ම ඉතාමත් සශ්‍රීක භූමියක් වූ හයිටිය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 13 ක් වටිනා ඛනිජ නිස්සාරණය කරනු ලැබීය. කැල්සියම් කාබනේට්, තඹ, රත්‍රන්, බොක්සයිට් හා කිරිගරුඬ හයිටි පොළොවේ බහුලව ඇත.ඇමරිකාව මුලින්ම හයිටිය ආක්‍රමණය කරනු ලබන්නේ 1991 වර්ෂයේදීය.

හයිටියේ විශාලම ණය හිමිකරුවා වන ඇමරිකාව හයිටියට ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න ප්‍රමාණයක ණය ප්‍රමාණයක් මේවනවිට ලබාදී තිබෙන බව සඳහන්ය. ඇමරිකාව මෙලෙස ගරාවැටෙන රාජ්‍යයකට අනුකම්පාව දැක්වීම ගෝලීය වශයෙන් වඩාත් කතාබහට ලක්වූ අතර ඔවුන් හයිටිය ක්‍රමයෙන් සූරා කනබවට ජාත්‍යන්තර මාධ්‍ය දිගින් දිගටම චෝදනා කරනු ලැබීය. මෙහි සැබෑ ස්වරූපය දැක ගැනීමට හැකිවූයේ 2004 වර්ෂයේය.  

ඇමරිකාව හයිටියේ ඛනිජ නිධිවල මෙහෙයුම් කටයුතුවලට ඍජුව මැදිහත් වීමට සූදානම් වූ නමුත් හයිටි ජනතාව වරක් එයට විරුද්ධ විය. මේ නිසාම එම සැලැස්ම හකුලාගත් ඇමරිකාව ඊට වඩා සූක්ෂම ලෙස හයිටියට සේන්දුවීමට මාන බැලීය.  මේ හරහා ඔවුන් හයිටියේ ආර්ථිකල සාමාජීයල දේශපාලන මෙන්ම නීතිමය කාරණා සඳහාද ආධාර ලබාදුන් අතර නව සංස්කෘතියක් ගොඩනැගීම තුළින් තාරුණ්‍ය නව්‍යකරණයකට ලක් කිරිමට ඔවුන් සැලැස්මක් ගෙන එනු ලැබීය. එයට තම ඉත්තන් වූ හයිටියේ පාලකයන් සූක්ෂමව යොදාගත් ඔවුන් හයිටියේ සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට මැදිහත් විය. හයිටිය පාලනය කළ අදූරදර්ශී නායකයන් මෙම ප්‍රතිපත්ති හරහා හයිටියට සිදුකළ හානිය සුළුපටු නොවේ. ඔවුන් කාන්තාවන්ට මත්පැන් භාවිතය සඳහා හයිටියේ තිබූ තහනම ඉවත්කරන ලදී. පාසල් දරුවන්ට අනිවාර්ය කරතිබූ නිල ඇඳුමද ඉවත් කළ අතර පාසල් යාම අනිවාර්ය නොවන බවට නීති වෙනස් කරනු ලැබීය. දුම්වැටි භාවිතය නව කලාවක් ලෙස නැත්නම් ට්‍රෙන්ඩ් එකක් බවට ප්‍රචලිත කළ ඔවුන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි මිල ගණන් විශාල වශයෙන් පහත හෙළනු ලැබීය. රට තුළ ගණිකා නිවාස නීතිගතවූ අතර දරුවන්ට දඬුවම් කිරීම තහනමට ලක්කිරීමට කටයුතු කරනු ලැබීය. දරුවන්ට දඬුවම් කළ ගුරුවරුන් නීතිය හමුවට ගෙන ඒමට හැකිවන නීති පවා ඔවුන් නිර්මාණය කළ අතර ආර්ථීකය නගා සිටුවීමට හයිටිය තුළ කිසිසේත් කටයුතු කළේ නැත. මේ අතර රටේ නිෂ්පාදනය සම්පූර්ණයෙන් කඩා වැටුණු අතර සීනිවලින් ස්වයං පෝෂිත දේශයක් වුණ හයිටිය ඇමරිකාවෙන් සීනි ආනයනය කරන රාජ්‍යයක් බවට අවසානයේ පත්විය. වසර 400 කට අධික ජනප්‍රිය ඉතිහාසය තුළ හාල් ඇටයක් පිටරටින් ආනයනය නොකළ හයිටිය අවසානයේ හාල් පවා රටින් ගෙන්වන තත්ත්වයකට පත්වෙයි. අදටත් එක්සත් ජනපදය සිය නිෂ්පාදන වැඩියෙන්ම අලෙවිකරන රටවල් 10 අතර හයිටිය සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර රාජ්‍ය පාලකයන් හැකි සෑම තැනකින්ම සොරකම් කළ අතර සීමිත ධනවතුන් පිරිසක් අතරේ රටේ ආදායම බෙදී යන තත්ත්වයක් ඇතිවිය. ඔවුන් අසීමිතව ධනවත් වූ අතර රටේ ජනතාවගෙන් 82% කට ආසන්න ජනතාවක් උග්‍ර දරිද්‍රතාවයෙන් පීඩා විඳින පිරිසක් බවට පත්විය. තම නිෂ්පාදන විකුණාගත නොහැකිව ගොවීන් වස පානය කළ බව වාර්තාවේ. මේ අතර රජය පාසල් දරුවන්ට ටැබ් ලබාදුන් අතර අන්තර්ජල පහසුකම් වැඩිදියුණු කරනු ලැබීය. ඇමරිකාව අනුග්‍රහයෙන් සිදූවූ මෙම ක්‍රියාදාමය පිටුපස ඉතා භයානක මෙහෙයුමක් ක්‍රියාත්මක විය. ඒ අනුව පාසැල් දරු දැරියන් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීමට හුරුවූ අතර ලැබී ඇති අසීමිත නිදහස හමුවේ පාසල් දරුවන් ගණිකා නිවාසවලට යාම විශාල ලෙස වැඩිවිය. අඩු වයසින් ගණිකාවන් බවට පත්වන කාන්තාවන්ගේ ප්‍රමාණය රට තුළ විශාල ලෙස ඉහළ යන ලදී. නිරුවතන් ගණිකාවන් සිටින වීදි පවා හයිටියේ නිර්මාණය විය. වහල් භාවයෙන් මිදීමට විශාල අරගලයක් කර ජයග්‍රහණය කර ලොව පළමු රාජ්‍ය බවට පත්වූ අභිමානවත් ඉතිහාසයක් ඇති හයිටිය එදා කැරිබියන් කලාපයේ මුතු ඇටය ලෙස හැඳින්වුවත් එය අද හඳුන්වනු ලබන්නේ‘කැරිබියන් දේශයේ ගණිකා මඩම’’ ලෙසය. මේ අතර වරින්වර ඇතිවන රාජ්‍ය විරෝධී ගැටුම් මර්දනයට ලෝක සාම සාධක හමුදාවන් හයිටයට ගෙන ඒමට බටහිර රටවල් කටයුතු කරන ලදී. ලාංකික හමුදාවත් එහි සාමසාධක මෙහෙයුම් සඳහා සහභාගී විය. නමුත් මෙයින් සිදුවූයේ හයිටිය තුළ ස්ත්‍රී දූෂණ පමණක් නොව ළමා අපචාර පවා සීග්‍රයෙන් වැඩිවීමය.   

අද වනවිට හයිටියේ නිෂ්පාදනය සම්පූර්ණයෙන් කඩා වැටී ඇති අතර සියලු දේ රැගෙන එනු ලබන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවලින්ය. දරිද්‍රතාවයේ උච්චතම මට්ටමත් පසුකර ඇති ඔවුන්ගේ සමස්ත ජනගහනයෙන් 65% ක් දිනකට ඩොලර් දෙකකට වඩා අඩු ආදායම් උපයන්නන් බවට පත්වී ඇත. මන්දපෝෂණය ග්‍රාමීයව බහුලව හමුවන රෝගයක් බවට මේ වනවිට පත්ව ඇත.රාජ්‍ය අනුග්‍රහයක් නොලැබෙන නිසා රටපුරා වගාබිම් එකින් එක වල් වැදෙන අතර දැව සඳහා බහුලව වන විනාශය සිදුවෙමින් පවතී. කුසට අහරක් ලබාගත නොහැකි ජනතාව මැටි,මාගරීන් සමග මිශ්‍රකර මැටි රොටී තනා ආහාරයට ගන්නා බවද වාර්තාවේ. හාල් සේරුවක් ලබා දෙන්නේ නම් ඕනෑම පුරුෂයෙක් සමග යහන්ගත​වන්නට කැමැති කාන්තාවන් හයිටියේ සොයාගත හැකි බව ද විදේශ මාධ්‍ය වාර්තා කර ඇතග බහු ජාතික සමාගම් විසින් මෙහෙයවන පතල් නිසා අදවනවිට රටේ සමස්ත ජල ප්‍රභවයන්ගෙන 75්‍%ක් පමණ පූර්ණ ලෙස දූෂණය වී ඈත.   

අද වනවිට හයිටිය ජීවත්වීමට තබා සංචාරය කිරීමට පවා නුසුදුසු රටක් ලෙසයි හඳුන්වනු ලබන්නේය. ඉතාමක් සශ්‍රීක භූමියක්ව පැවැති මේ රාජ්‍ය අද මේ පවතින තත්ත්වයට ඇද දැමුවේ බටහිර රටවල සිට ක්‍රියාත්මකවූ බලලෝභී බළල් හස්තයන් හා ඒවායේ රූකඩ බවට පත්වූ රාජ්‍ය පාලකයන් විසින්ය. හයිටියේ සිටි සෑම නායකයෙකුම සිය අවශ්‍යතා සඳහා සොරකම් කළා හැර රාජ්‍ය සංවර්ධනය නොකළ බව සඳහන් වේ.   

මේ වනවිට හයිටිය තුළ බටහිර අතපෙවීම්වලට එරෙහිව හඬනගන තරුණ රැල්ලක් එහි නිර්මාණය වී ඇත. එහෙත් හයිටිය ඇද වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට තව කල්ප කාලාන්තරයකටවත් නොහැකිවනු ඇතැයි විදේශ මාධ්‍යයන් වාර්තා කර සිටීයි. 

ඇමසන් වනාන්තරය

 



ලෝකයේ විශාලතම වනාන්තරය තමයි ඇමසන් කියලා කියන්නේ.හැබැයි අද අපි කියන්නේ මේ වනාන්තරය ගැන ඔයාලා දන්න කාරණා වලට එහා ගියපු නොදන්න කාරණා කිහිපයක් ගැන.වර්ග කිලෝමීටර් මිලියන 5.5ක විහිදී තිබෙන මෙම  වනාන්තරය හරියටම  ලංකාව වගේ 83 ගුණයකටත් වඩා විශාලයි.ඉතින් හිතන්නකෝ මේ වනාන්තරය කොයිතරම් විශාලද කියලා.

මෙම වනාන්තරයට ඇමසන් කියන නම හැදිල තියෙන්නේ ග්‍රීක මිත්‍යා කතාවල සිටින සැමියෙකු නොමැති වීරවරියක වන ඇමසන් කාන්තාවගේ නමින්.ස්පාඤ්ඤ ගවේශකයෙකු වන ප්‍රැන්සිස්කෝ ඔරෙල්ලා විසින් තමයි මෙම වනාන්තරය මේ නමින් හඳුන්වලා තියෙන්නේ.වනාන්තරය අයත් වන්නේ දකුණු ඇමරිකා මහද්වීපයට. මෙය මූලික වශයෙන් බ්‍රසීලයට  අයත් වුනත් කොලොම්බියාව,බොලිවියාව,වෙනිසියුලාව,ප්‍රංශය වගේම තවත් රටවල් කිහිපයකම විහිදී  පවතිනවා.

ඇමසන් වනාන්තරයේ පිහිටි ඇමසන් නදිය කියල කියන්නේ ලෝකේ දිගම ගංඟා අතර දෙවන ස්ථානයේ තිබෙන ගංඟාව.ඒ කියන්නෙ නයිල් නදිය හැරුනු කොට ලෝකයේ දිගම ගංඟාව ලෙස සලකන්නේ මේ ඇමසන් ගංඟාව.ඇමසන් ගංගාව තත්පරයකට ගැලුම් මිලියන 55ක් අත්ලන්තික් සාගරයට ජලය එකතු කරනවලු.ඇමසන් වනාන්තරයේ තිබෙන ශාක,ප්‍රමණයෙන් ඉතා දැවැන්ත ස්වභාවයක් ගන්නා නිසාම  පොළොවට හිරු එලිය පතිත අඩු මට්ටම්ක තමයි පවතින්නෙ.ඒ කියන්නේ වනාන්තරය ඇතුලත ඝන අන්දකාරයක් දකින්න පුලුවන්.

ඇමසන් කියන්නෙ ලෝකයේ ජීවීන් වැඩිම ප්‍රමාණයක් ජීවත්වන තැනක්.ඒ අතර වර්ග 40000කට ආසන්න ශාක විශේෂ, 1300කට ආසන්න කුරුලු විශේශ, 3000ක මාළු විශේෂ වගේම ක්ෂීරපායි විශේෂ 430ක් පමණ ජීවත් වනවා.ඒ විතරක් නෙමෙයි  මිලියන 2.5ක තරම් අති විශාල ක්ෘමි සතුන් ප්‍රමාණයක් ජීවත් වෙනවා.ඇමසන් වනාන්තරය කියන්නේ දැනට දියුණු ලෝකය සමඟ නොගැටුණු ගෝත්‍රිකයින්ගේ වාස භූමියක්.එහි වාසය කරන අමෙරිඩියන් නම් ගෝත්‍රික විශේෂය කිසිදාක සාමාන්‍ය ජනතාව සමඟ ගැටී නොමැති බවට විශ්වාස කරනවා.

වැසි වනාන්තරයක් විදියට ඇමසන් වනය කියන්නේ ලෝකයටම වැදගත් සම්පතක්.ඒ නිසා ස්වභාව ධර්මයේ වටිනාකට අගය කරන ජනතාවට ඇමසන් වනාන්තරය කියන්නේ මිහිපිට දෙව් ලොවක්.

පෘථිවි පෘෂ්ඨයෙන් කිලෝමීටර 700 ක් ගැඹුරින් යෝධ සාගරය

 


පෘථිවි පෘෂ්ඨයෙන් කිලෝමීටර 700 ක් ගැඹුරින් යෝධ සාගරය සොයා ගන්නා ලදී.නවතම වර්ධනයට අනුව පෘථිවි පෘෂ්ඨයට යටින් ගැඹුරින් පිහිටා ඇති පෘථිවි සාගරවල එකතුවෙන් තුන් ගුණයක් විශාල ජල සංචිතයක් සොයාගෙන ඇත.

මෙම භූගත ජල මූලාශ්‍රය අපට ආසන්න වශයෙන් කිලෝමීටර් 700ක් පහළින් පිහිටා ඇත. ඉලිනොයිස් හි එවන්ස්ටන් හි නෝර්ත්වෙස්ටර්න් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් මෙම විශිෂ්ට සොයාගැනීම සිදු කරන ලදී.ඔවුන් පෘථිවි ජල මූලාශ්‍රය සොයා ගැනීමට උත්සාහ කරන විට, පර්යේෂකයන් විශිෂ්ට සොයාගැනීමක් සිදු කළහ - පෘථිවි ආවරණයේ ගැඹුරින් මතුපිටට යටින් සැඟවී ඇති විශාල සාගරයක්. අද්විතීය නිල් පැහැයක් පෙන්වන පර්වතයක් වන ringwoodite තුළ වට වූ මෙම සැඟවුණු සාගරය පෘථිවි ජලය ආරම්භ වන්නේ කොතැනද යන්න පිළිබඳ අපගේ අවබෝධයට අභියෝග කරයි.

මෙම සැඟවුණු සාගරයේ විශාලත්වය පෘථිවි ජල චක්‍රය නැවත තක්සේරු කිරීමට පොළඹවයි, ප්‍රධාන මූලාශ්‍රය ලෙස වල්ගාතරු බලපෑම් යෝජනා කරන න්‍යායන්ගෙන් ඈත් විය හැකි බවට ඉඟි කරයි. ඒ වෙනුවට පෘථිවි සාගර එහි හරයෙන් සෙමෙන් කාන්දු වන්නට ඇතැයි යන අදහස කම්පනය වේ.

මෙම හෙළිදරව්ව පිටුපස ඇති විද්‍යාත්මක ප්‍රයත්නය මෙහෙයවනු ලැබුවේ නෝර්ත්වෙස්ටර්න් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වන ස්ටීවන් ජේකොබ්සන් විසිනි, ඔහු ප්‍රකාශ කරන්නේ, “මෙය පෘථිවි ජලය අභ්‍යන්තරව ආරම්භ වූ බවට මතයට සහය දක්වන සැලකිය යුතු සාක්ෂියකි.”

පර්යේෂකයන් මෙම පෙරළිකාර හෙළිදරව්වෙන් පසු ලොව පුරා තවත් භූ කම්පන දත්ත රැස් කිරීමට උද්යෝගිමත් වන අතර, මැන්ටල් දියවීමේ ප්‍රමාණය තීරණය කිරීම අරමුණු කර ගෙන ඇත. ඔවුන්ගේ සොයාගැනීම් මගින් පෘථිවි ජල චක්‍රය පිළිබඳ අපගේ අවබෝධය විප්ලවීය වෙනසක් කිරීමට හැකියාව ඇති අතර, ග්‍රහලෝකයේ එක් මූලික ක්‍රියාවලියක් පිළිබඳව නව ඉදිරිදර්ශන ඉදිරිපත් කරයි.

පෘථිවි පෘෂ්ඨයට යටින් කිලෝමීටර් 700 ක් දුරින් පිහිටි සියලුම මතුපිට සාගරවලට වඩා වැඩි ජලය සහිත සාගරයක් විද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලදී.

2014 වසරේ සිදු කරන ලද සොයාගැනීම සමාජ මාධ්‍යවල ප්‍රචලිත වී ඇති අතර පෘථිවි පෘෂ්ඨයට කිලෝමීටර් 700 ක් ගැඹුරින් විශාල ජල ජලාශයක් පවතින බව පවසති.සාගරය සැඟවී ඇත්තේ රින්ග්වුඩයිට් ලෙස හැඳින්වෙන නිල් පාෂාණයක් තුළ වන අතර එය ආවරණයේ කිලෝමීටර 700 ක් පොළොව යට පිහිටා ඇත. පෘථිවි ආවරණය යනු පෘථිවි පෘෂ්ඨය හා එහි හරය අතර ඇති උණුසුම් පාෂාණ ස්ථරයයි.

භූගත මෙගා ජල කඳේ ප්‍රමාණය ග්‍රහලෝකයේ මතුපිට ඇති සියලුම සාගරවල පරිමාව මෙන් තුන් ගුණයකි.ස්ටීවන් ජේකොබ්සන් නිව් සයන්ටිස්ට් වෙත 2014 දී පැවසුවේ “පෘථිවියේ ජලය අභ්‍යන්තරයෙන් පැමිණි බවට එය හොඳ සාක්ෂියකි.විවිධ ගැඹුරේ තරංග වේගය මැනීමෙන් ඔවුන් පාෂාණ වර්ග හඳුනා ගත්හ. තෙතමනය සහිත පාෂාණ නිසා රළ වේගය අඩුවීමත් සමඟ ජලය පවතින බව පැහැදිලි විය.

 “මේ ගැඹුරු ජලාශයට අපි ස්තුතිවන්ත විය යුතුයි. එය නොතිබුනේ නම්, එය පෘථිවි පෘෂ්ඨය මත පවතිනු ඇත, කඳු මුදුන් පමණක් පිටවන එකම ගොඩබිම වනු ඇත, ”ජේකොබ්සන් පැවසීය.


ඉතාලියේ පීසා කුළුණ

 ඉතාලියේ පීසා කුළුණ



ඔයාලා අහල තියනවද ඉතාලියේ සුන්දරිය ගැන.මේ කියන්නේ ඉතාලියෙ ඉන්න රූමත් කාන්තාවක් ගැන නම් නෙමෙයි.එහෙනම් කවුද ඉතාලියේ සුන්දරිය කියලා කියන්නෙ.ඒ තමයි  ඉතාලියේ පීසා නගරයේ පිහිටි ඇළවෙන කුලුණ.

වර්ෂ 1173 දී නිර්මානය කරනු ලැබූ මෙම කුලුණ  ඇලවු ආකාරයෙන්   පිහිටා තිබීමේ විශේශත්වය  නිසාම ලෝක  පුදුමයන්ගෙන් එකක් ලෙසට ද සැලකෙනවා.මෙම  කුළුණ ඇලවීමට හේතුව  එය නිර්මාණය කරන අවස්ථාවේ යටිපස ප්‍රමාණවත් ලෙස ශක්තිමත් වී නොතිබීම කියලයි  ඉංජිනේරුවන් ප්‍රකාශ කරන්නේ.

දන්නවාද, මේ කුළුණ නිර්මාණය කිරීම  වර්ෂ 1173 දී ඇරඹුනාට, එය අවසන් කරන්න වසර 199 කට ආසන්න කාලයක් ගත වෙලා තියනවා.අදියර 3ක් යටතේ නිර්මාණය කරනු ලැබූ මෙම කුලුණ දෙවන මහල නිමකරන අතරතුර තමයි  පළවෙනි වතාවට එක් පසකට ඇලවීම ආරම්භ වී තිබෙන්නේ.ඒ හින්දාම මෙහි වැඩ කටයුතු ශතවර්ෂයක් පමණ කාලයක් නතර වෙලත් තිබුණා.මේ කුලුණේ තවත් විශේෂත්වයක් තියනවා.ඒ තමයි මේ කුළුණ සකසලා තියෙන්නේ ගල්, මාර්බල්, හුනුගල් වගේ අමුද්‍රව්‍ය භාවිතයෙන්.

මේ වෙනකොටත් කුළුණ ඇලවෙන්නට පටන් ගෙන තිබුණ හින්දා එය වළක්වන්නට අනෙක් මහල් වල එක පැත්තක උස වැඩි වන  ආකාරයට තමයි නිර්මාණය කරල තියෙන්නෙ.

වර්ෂ 1284  දී යුධ ගැටුම් හේතුවෙන් මෙහි වැඩ කටයුතු ඇන හිටියත්, 1319 වෙනකොට 7 වන මහල දක්වා වැඩ නිම කර තිබුනා. 1372 දී අවසාන වශයෙන් ඝණ්ටාර කුටීරය ද මීට එක් කරනු ලැබුවා. ඒ අනුව මෙහි වැඩ කටයුතු අවසන් වෙද්දී තට්ටු 8 කින් යුක්ත කුලුණක් විදියට අපිට වදකින්න පුලුවන්.

මෙහි මුලු‍ බර ටොන් 14.500 ක් පමණ වන බවට ගණන් බලා තියෙනවා. මුලින්ම කුළුණ අංශක 5.5 ක් පමණ ඇලවී තිබුණත්, 1990 සහ 2001 අතර සිදුවූ ප්‍රතිසංස්කරණ හේතුවෙන් එය අංශක 3.97 පමණ දක්වා අඩු වී තිබෙනවා.ඒ ව්තරක් නෙමෙයි ඇතුළතට නැගීමට ඒ ඇතුළෙ සර්පිලකාර සෝපාන 294 ක් සකසා තියෙනවා.

 ඒත් ‍ඔයාලාව දන්නවද පීසා කුළුණ කඩන් නොවැටෙන්නේ ඇයි කියලා.

ඊට විද්‍යාත්මක කාරණාවක් මුල් වෙනවා.යම් වස්තුවක් පෙරළීමෙන් තොරව තිබීමට නම්, එහි ස්කන්ධ කේන්ද්‍රයෙන් අඳින ලද අභිලම්භය, පාදම තුළ පැවතිය යුතුයි. පීසා කුළුණෙහිත් ස්කන්ධ කේන්ද්‍රයයෙන් අඳින ලද අභිලම්භය පාදම තුළ පිහිටා තිබෙන ආකාරය නිරීක්ෂණය කරන්න පුලුවන්.ඒ විතරක් නෙමෙයි එහි අත්තිවාරම ද ගැඹුරට පිහිටා තිබෙනවා. එම හේතු නිසා කුළුණ කඩා නොවැටී පවතිනවා. තව ද ශක්තිමත්ව ඉදිවුණු කුළුණ කම්පනවල දී මෘදු පතුල තුළ චලනය වී යළි මුල් පිහිටුමට එන බව පසු කලෙක සොයාගනු ලැබුවා. ඒ අනුව මෙය සැලකිය යුතු කාලයක් නොපෙරෙළී පවතිනු ඇති බව විද්‍යාඥයන්ගේ අනුමානය

හිට්ලර් ගැන මේ දේවල් ඔබ දන්නවාද

 



ලෝකයේ කෲරතම පාලකයා බවට පත්වූ හිට්ලර් බුදු දහම ආශ්‍රයෙන් රචනා වුණු බෞද්ධ පොතපත උපයෝගී කරගෙන මිසයිල හැදුවා කියන කතාව බොහෝ දෙනෙක් විශ්වාස කරන එකක් නෑ. නමුත් ඒ කතාව සඳහන් කරලා තියෙන්නේ හිට්ලර් විසින්ම රචනා කළ ඔහුගේම කෘතියකයි

ජෙට් යානා සහ මිසයිල නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් හිට්ලර් සතුව තිබුණේ අද්විතීය දැනුමක්. ඒ දැනුම නිසාම සුවිශේෂ මිසයිල ඒ වගේම ජෙට් යානා භාවිත කරලා සතුරන් විනාශ කරන්න ඔහුට හැකියාව ලැබුණා. හිට්ලර් ජෙට් යානා සහ මිසයිල නිෂ්පාදනය කිරීම සඳහා තමන් ඉගෙන ගත්ත දැනුම කාත් එක්කවත් බෙදාගත්තේ නෑ

හිට්ලර් ජෙට් යානා සහ මිසයිල නිෂ්පාදනය කර යැවීමට ඉගෙන ගෙන ඇත්තේ ටිබෙට් ලාමා ආරාමවලින් බව සඳහන් වෙනවා. ලාමා ආරාම කියලා කියන්නේ ටිබෙට් බුදුදහමත් සමග සම්බන්ධ වුණු සුවිශේෂ ආගමික ස්ථානයක්. එවක අශෝක අධිරාජ්‍යයා බුදුදහම වැලඳ ගැනීමත් සමග මිසයිල තාක්ෂණය සම්බන්ධයෙන් ලියැවුණු පොත්පත් රැසක් තමන්ගේ රාජධානියෙන් ඉවත් කරලා ටිබෙටයේ මේ ලාමා ආරාමවල තැන්පත් කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

අපි ඒ කතා කළේ හිට්ලර්ගේ යුද තාක්ෂණය ගැන. හැබැයි අපි දැන් කතා කරන්න යන්නේ හිට්ලර් ගැන ඔබ මීට පෙර අසා නැති අමුතු කතා ටිකක් ගැන. හිට්ලර් කියන්නේ කාන්තා ඇසුරට බොහෝ සේ ලොල් වුණු පාලකයෙක්.

මේ හේතු කාරණා නිසාම අවසානයේදී ඇය හිට්ලර්ගේම ගිනි අවියක් භාවිත කරලා සිය දිවි හානි කරගන්නවා. මේඑක සිදුවීමක් විතරයි. තවත් අවස්ථාවකදී හිට්ලර් විවාහ කරගත් බොහෝ කාන්තාවන්ගේ ශරීරයේ අඟලක් නෑර ඔහු විසින් ඡායාරූපගත කොට ඔහුගේ අසභ්‍ය ඡායාරූප ගොන්නට එකතු කරලා තියෙනවා. ඒ වගේම තමයි තවත් අවස්ථාවකදී තමන්ගේ භාර්යාවගේ යෝනි ප්‍රදේශය කුඩා යැයි පවසමින් ඔහු ඇයව ඉතා වේදනාකාරී ශල්‍යකර්මයකට පවා ලක්කරනවා. මේ ආකාරයට උමතු වූ ආශාවලින් යුක්ත හිට්ලර්ගේ සියලු පෙම්වතියන් අකාලයේ සියදිවි නසාගත් බව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

හිට්ලර් කුඩා කාලයේ පටන්ම චිත්‍ර කලාවට ආශා කරපු චරිතයක්. ඔහු තමන්ගේ ආදරණීය මව මියගිය පසු වසර 05ක පමණ කාලයක් තමන්ගේ ජීවිතය රැකගත්තේ චිත්‍ර ඇඳීමෙන් උපයාගත් පුංචි මුදලකින්. ඒ වගේම හිට්ලර් සමාජ සේවකයෙක් ලෙසත් ප්‍රසිද්ධයි. ලෝක දේශපාලන ඉතිහාසය තුළ ප්‍රචණ්ඩතම පාලකයා ලෙස හිට්ලර් ඉතිහාසගත වුණත් ඔහුගේ පාලන කාලය තුළ ඔහු සිදුකළ සමාජ සේවාවන් ප්‍රමාණයත් ඉතා ඉහළයි.

 1923දී ඔහු සිරගතව සිටි කාලයේදී ‘මගේ අරගලය’ නමින් කෘතියක් රචනා කොට ඒ කෘතියේ අලෙවි ආදායම පින් තකා ප්‍රදානය කිරීමට ඔහු තීරණය කරනවා. ඒ ආකාරයෙන් ප්‍රසිද්ධ සමාජ සේවා කටයුතු රැසකම නිරත වෙච්ච දරුණු පාලකයෙක් විදියට හිට්ලර් හඳුන්වන්න පුළුවන්. ඕනෑම ප්‍රසිද්ධ චරිතයක් වුණත් විවිධාකාරයේ සිතුවිලින් මානසිකව පීඩා විඳිනවා. හිට්ලර් කියන්නේ තමන්ගේ ලේ පිරිසිදුයි කියලා හිතාගෙන මානසිකව පීඩා විඳපු චරිතයක්. මෙහෙම කියන්න හේතු කිහිපයක්ම තියෙනවා.

 

 


"හොන්ඩා" HONDA

    ' එදා මම මේ රථය ළඟට දුවගෙන ගියේ පිස්සෙක් වගේ.ගිහින් ඒ දිහා බලගෙන ඉද්දි රථයෙන් දහනය වී ගලාගෙන ආපු තෙල් සුවඳ මට අද වගේ මතකයි.ඒ සුවඳ ...