Tuesday, 1 October 2024

හයිටිය



 


ඇමරිකාව මැදිහත් වී සශ්‍රීක  හයිටිය හිඟන රටක් බවට පත් කළා.

පත් වූ සියලුම පාලකයන් රටේ සම්පත් කොල්ලකෑවා.ධනවත් හා බලවත් රටවලින් ආධාර පැතීමේ දී දෙවරක් නොව තෙවරක්ම සිතන්න. එසේ නොවුණහොත් ශ්‍රී ලංකාවට සිදු​වන්නේ ද ඉහත දැක්වූ අනෙක් රටවලට අත්වූ ඉරණමටම මුහුණ දෙන්න. එසේ විනාශ වුන රටක් තමයි හයිටි රාජ්‍යය කියන්නේ. ඒ විතරක් නෙමෙයි හයිටිය කියන්නෙ  දීර්ඝ ඉතිහාසයක් ඇති රටක්.   

උතුරු අත්ලාන්තික් සාගරයේ කැරිබියන් මුහුදේ ඇන්ටිලස් දූපත් සමූහයට අයත්ව කියුබාවට නැගෙනහිරින් පිහිටා ඇති  ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති දූපත් රාජ්‍යයක් විදියට හයිටි හයිටිය හඳුන්වන්න පුලුවන්. මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 27,750 ක් වනවා. මිලියන 11 පමණ ජනතාවක් හයිටි රාජ්‍යයේ ජීවත් වෙනවා. හයිටියේ ස්වදේශික ජනතාව හඳුන්වන්නේ ටයිනෝ  කියන නමින්. මෙහි 95%ක් වැනි ජනතාව කළු ජාතිකයන් වන අතර 5% ක සුදු හා මුලාටෝ ජාතිකයන් ජීවත් වනවා.තවද රටේ බහුතර ජනතාව කතෝලික ආගම අදහනු ලබනවා.'  

හයිටිය යනු මේ වනවිට බලවත් ලෙස දරිද්‍රතාවයෙන් මිරිකී සිටින රාජ්‍යයකි. මෙම රාජ්‍යය අද ​ලෝකය හඳුන්වනු ලබන්නේ ලොව ජීවත්වනු තබා සංචාරය කිරීමටත් සුදුසු නැති රාජ්‍යයන් අතරින් එකක් ලෙසය. සශ්‍රීක රාජ්‍යයක් වූ මෙම රටට මෙවන් විපතක් සිදුවූයේ එහි සිටි අදූරදර්ශී පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසාය.

සීනි සහ කෝපි නිෂ්පාදනය සඳහා සරුසාර භූමියක් ලෙස හඳුනාගත් ප්‍රංශ ජාතිකයින් එහි වගාබිම් ආරම්භ කිරීමට පටන් ගත්තේය. මෙම වකවානුවේ හයිටි රාජ්‍යය කැරිබියන් කලාපයේ මුතු ඇටය ලෙස හඳුන්වන ලදී.  

1825 අප්‍රේල් 17 දින හයිටිය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. මෙතැන් පටන් හයිටිය ස්වදේශික පාලකයන් යටතේ පාලනය වූ අතර මෙම වකවානුවේ හයිටි රාජ්‍යය විශාල දියුණුවකට පත්විය. එමෙන්ම ජනජීවිතය ඉතාමත් ඉහළ මට්ටමකට පත්විය. එම වකවානුවේ හයිටිය සීනි හා රම් නිශ්පාදනය අතින් ඉහළ මට්ටමකට පත්විය. 1911 වකවානුව ව තෙක් හයිටිය ජාත්‍යන්තරය සම්බන්ධකර ගනිමින් ඉතාමත් ශක්තිමත් රාජ්‍යයක් ලෙස පැවැතුණි. ජනතාවට යහමින් මිල මුදල් තිබුණු අතර හයිටියට වහලුන් ලෙස පැමිණි අප්‍රිකානුවන් මෙන්ම ස්වදේශිකයින් ද වෙළෙඳ නාවිකයන් බවට පත්වෙමින් ලොව පුරා සිය නිෂ්පාදන බෙදා හැරීමේ කටයුතුවල යෙදී සිටියහ.  

මේ අතර ආණ්ඩු බලය ලබා ගැනීමට විවිධ කණ්ඩායම් විවිධ ආකාරයේ කුමන්ත්‍රණ සිදුකරනු ලැබීම හේතුවෙන් 1911 සිට 1915 දක්වා කාලය තුළ ජනාධිපතිවරුන් 6 දෙනෙකු පත්කර ගැනීමට හයිටි ජනතාවට සිදුවිය. මෙම සිදුවීම් පසුපස සිට අදිසි හස්තය වූයේ ඇමරිකා එක්සත් ජනපදයයි. හයිටියේ පරිහානිය ක්‍රමයෙන් ආරම්භ වූයේ මෙම ඇමරිකන් අතපෙවීම් සමගය. එක්සත් ජනපදයේ අදිසි හස්තය හයිටි පාලනයට විවිධ බලපෑම් කිරීම දිගින් දිගටම සිදුකළ අතර හයිටිය යනු ඉල්ලමක් බව ඔවුහු වටහාගෙන සිටියහ.


එක්සත් ජනපදයට හයිටිය මෙතරම් වටිනා රාජ්‍යයක් බවට පත්වුණ තවත් හේතුවක් විය. ඒ හයිටිය සතුව තිබූ ටයිටේනියම් නිධිය. එමෙන්ම ඉතාමත් සශ්‍රීක භූමියක් වූ හයිටිය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 13 ක් වටිනා ඛනිජ නිස්සාරණය කරනු ලැබීය. කැල්සියම් කාබනේට්, තඹ, රත්‍රන්, බොක්සයිට් හා කිරිගරුඬ හයිටි පොළොවේ බහුලව ඇත.ඇමරිකාව මුලින්ම හයිටිය ආක්‍රමණය කරනු ලබන්නේ 1991 වර්ෂයේදීය.

හයිටියේ විශාලම ණය හිමිකරුවා වන ඇමරිකාව හයිටියට ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න ප්‍රමාණයක ණය ප්‍රමාණයක් මේවනවිට ලබාදී තිබෙන බව සඳහන්ය. ඇමරිකාව මෙලෙස ගරාවැටෙන රාජ්‍යයකට අනුකම්පාව දැක්වීම ගෝලීය වශයෙන් වඩාත් කතාබහට ලක්වූ අතර ඔවුන් හයිටිය ක්‍රමයෙන් සූරා කනබවට ජාත්‍යන්තර මාධ්‍ය දිගින් දිගටම චෝදනා කරනු ලැබීය. මෙහි සැබෑ ස්වරූපය දැක ගැනීමට හැකිවූයේ 2004 වර්ෂයේය.  

ඇමරිකාව හයිටියේ ඛනිජ නිධිවල මෙහෙයුම් කටයුතුවලට ඍජුව මැදිහත් වීමට සූදානම් වූ නමුත් හයිටි ජනතාව වරක් එයට විරුද්ධ විය. මේ නිසාම එම සැලැස්ම හකුලාගත් ඇමරිකාව ඊට වඩා සූක්ෂම ලෙස හයිටියට සේන්දුවීමට මාන බැලීය.  මේ හරහා ඔවුන් හයිටියේ ආර්ථිකල සාමාජීයල දේශපාලන මෙන්ම නීතිමය කාරණා සඳහාද ආධාර ලබාදුන් අතර නව සංස්කෘතියක් ගොඩනැගීම තුළින් තාරුණ්‍ය නව්‍යකරණයකට ලක් කිරිමට ඔවුන් සැලැස්මක් ගෙන එනු ලැබීය. එයට තම ඉත්තන් වූ හයිටියේ පාලකයන් සූක්ෂමව යොදාගත් ඔවුන් හයිටියේ සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට මැදිහත් විය. හයිටිය පාලනය කළ අදූරදර්ශී නායකයන් මෙම ප්‍රතිපත්ති හරහා හයිටියට සිදුකළ හානිය සුළුපටු නොවේ. ඔවුන් කාන්තාවන්ට මත්පැන් භාවිතය සඳහා හයිටියේ තිබූ තහනම ඉවත්කරන ලදී. පාසල් දරුවන්ට අනිවාර්ය කරතිබූ නිල ඇඳුමද ඉවත් කළ අතර පාසල් යාම අනිවාර්ය නොවන බවට නීති වෙනස් කරනු ලැබීය. දුම්වැටි භාවිතය නව කලාවක් ලෙස නැත්නම් ට්‍රෙන්ඩ් එකක් බවට ප්‍රචලිත කළ ඔවුන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි මිල ගණන් විශාල වශයෙන් පහත හෙළනු ලැබීය. රට තුළ ගණිකා නිවාස නීතිගතවූ අතර දරුවන්ට දඬුවම් කිරීම තහනමට ලක්කිරීමට කටයුතු කරනු ලැබීය. දරුවන්ට දඬුවම් කළ ගුරුවරුන් නීතිය හමුවට ගෙන ඒමට හැකිවන නීති පවා ඔවුන් නිර්මාණය කළ අතර ආර්ථීකය නගා සිටුවීමට හයිටිය තුළ කිසිසේත් කටයුතු කළේ නැත. මේ අතර රටේ නිෂ්පාදනය සම්පූර්ණයෙන් කඩා වැටුණු අතර සීනිවලින් ස්වයං පෝෂිත දේශයක් වුණ හයිටිය ඇමරිකාවෙන් සීනි ආනයනය කරන රාජ්‍යයක් බවට අවසානයේ පත්විය. වසර 400 කට අධික ජනප්‍රිය ඉතිහාසය තුළ හාල් ඇටයක් පිටරටින් ආනයනය නොකළ හයිටිය අවසානයේ හාල් පවා රටින් ගෙන්වන තත්ත්වයකට පත්වෙයි. අදටත් එක්සත් ජනපදය සිය නිෂ්පාදන වැඩියෙන්ම අලෙවිකරන රටවල් 10 අතර හයිටිය සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර රාජ්‍ය පාලකයන් හැකි සෑම තැනකින්ම සොරකම් කළ අතර සීමිත ධනවතුන් පිරිසක් අතරේ රටේ ආදායම බෙදී යන තත්ත්වයක් ඇතිවිය. ඔවුන් අසීමිතව ධනවත් වූ අතර රටේ ජනතාවගෙන් 82% කට ආසන්න ජනතාවක් උග්‍ර දරිද්‍රතාවයෙන් පීඩා විඳින පිරිසක් බවට පත්විය. තම නිෂ්පාදන විකුණාගත නොහැකිව ගොවීන් වස පානය කළ බව වාර්තාවේ. මේ අතර රජය පාසල් දරුවන්ට ටැබ් ලබාදුන් අතර අන්තර්ජල පහසුකම් වැඩිදියුණු කරනු ලැබීය. ඇමරිකාව අනුග්‍රහයෙන් සිදූවූ මෙම ක්‍රියාදාමය පිටුපස ඉතා භයානක මෙහෙයුමක් ක්‍රියාත්මක විය. ඒ අනුව පාසැල් දරු දැරියන් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීමට හුරුවූ අතර ලැබී ඇති අසීමිත නිදහස හමුවේ පාසල් දරුවන් ගණිකා නිවාසවලට යාම විශාල ලෙස වැඩිවිය. අඩු වයසින් ගණිකාවන් බවට පත්වන කාන්තාවන්ගේ ප්‍රමාණය රට තුළ විශාල ලෙස ඉහළ යන ලදී. නිරුවතන් ගණිකාවන් සිටින වීදි පවා හයිටියේ නිර්මාණය විය. වහල් භාවයෙන් මිදීමට විශාල අරගලයක් කර ජයග්‍රහණය කර ලොව පළමු රාජ්‍ය බවට පත්වූ අභිමානවත් ඉතිහාසයක් ඇති හයිටිය එදා කැරිබියන් කලාපයේ මුතු ඇටය ලෙස හැඳින්වුවත් එය අද හඳුන්වනු ලබන්නේ‘කැරිබියන් දේශයේ ගණිකා මඩම’’ ලෙසය. මේ අතර වරින්වර ඇතිවන රාජ්‍ය විරෝධී ගැටුම් මර්දනයට ලෝක සාම සාධක හමුදාවන් හයිටයට ගෙන ඒමට බටහිර රටවල් කටයුතු කරන ලදී. ලාංකික හමුදාවත් එහි සාමසාධක මෙහෙයුම් සඳහා සහභාගී විය. නමුත් මෙයින් සිදුවූයේ හයිටිය තුළ ස්ත්‍රී දූෂණ පමණක් නොව ළමා අපචාර පවා සීග්‍රයෙන් වැඩිවීමය.   

අද වනවිට හයිටියේ නිෂ්පාදනය සම්පූර්ණයෙන් කඩා වැටී ඇති අතර සියලු දේ රැගෙන එනු ලබන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවලින්ය. දරිද්‍රතාවයේ උච්චතම මට්ටමත් පසුකර ඇති ඔවුන්ගේ සමස්ත ජනගහනයෙන් 65% ක් දිනකට ඩොලර් දෙකකට වඩා අඩු ආදායම් උපයන්නන් බවට පත්වී ඇත. මන්දපෝෂණය ග්‍රාමීයව බහුලව හමුවන රෝගයක් බවට මේ වනවිට පත්ව ඇත.රාජ්‍ය අනුග්‍රහයක් නොලැබෙන නිසා රටපුරා වගාබිම් එකින් එක වල් වැදෙන අතර දැව සඳහා බහුලව වන විනාශය සිදුවෙමින් පවතී. කුසට අහරක් ලබාගත නොහැකි ජනතාව මැටි,මාගරීන් සමග මිශ්‍රකර මැටි රොටී තනා ආහාරයට ගන්නා බවද වාර්තාවේ. හාල් සේරුවක් ලබා දෙන්නේ නම් ඕනෑම පුරුෂයෙක් සමග යහන්ගත​වන්නට කැමැති කාන්තාවන් හයිටියේ සොයාගත හැකි බව ද විදේශ මාධ්‍ය වාර්තා කර ඇතග බහු ජාතික සමාගම් විසින් මෙහෙයවන පතල් නිසා අදවනවිට රටේ සමස්ත ජල ප්‍රභවයන්ගෙන 75්‍%ක් පමණ පූර්ණ ලෙස දූෂණය වී ඈත.   

අද වනවිට හයිටිය ජීවත්වීමට තබා සංචාරය කිරීමට පවා නුසුදුසු රටක් ලෙසයි හඳුන්වනු ලබන්නේය. ඉතාමක් සශ්‍රීක භූමියක්ව පැවැති මේ රාජ්‍ය අද මේ පවතින තත්ත්වයට ඇද දැමුවේ බටහිර රටවල සිට ක්‍රියාත්මකවූ බලලෝභී බළල් හස්තයන් හා ඒවායේ රූකඩ බවට පත්වූ රාජ්‍ය පාලකයන් විසින්ය. හයිටියේ සිටි සෑම නායකයෙකුම සිය අවශ්‍යතා සඳහා සොරකම් කළා හැර රාජ්‍ය සංවර්ධනය නොකළ බව සඳහන් වේ.   

මේ වනවිට හයිටිය තුළ බටහිර අතපෙවීම්වලට එරෙහිව හඬනගන තරුණ රැල්ලක් එහි නිර්මාණය වී ඇත. එහෙත් හයිටිය ඇද වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට තව කල්ප කාලාන්තරයකටවත් නොහැකිවනු ඇතැයි විදේශ මාධ්‍යයන් වාර්තා කර සිටීයි. 

No comments:

Post a Comment

"හොන්ඩා" HONDA

    ' එදා මම මේ රථය ළඟට දුවගෙන ගියේ පිස්සෙක් වගේ.ගිහින් ඒ දිහා බලගෙන ඉද්දි රථයෙන් දහනය වී ගලාගෙන ආපු තෙල් සුවඳ මට අද වගේ මතකයි.ඒ සුවඳ ...