Tuesday, 1 October 2024

ඉතාලියේ පීසා කුළුණ

 ඉතාලියේ පීසා කුළුණ



ඔයාලා අහල තියනවද ඉතාලියේ සුන්දරිය ගැන.මේ කියන්නේ ඉතාලියෙ ඉන්න රූමත් කාන්තාවක් ගැන නම් නෙමෙයි.එහෙනම් කවුද ඉතාලියේ සුන්දරිය කියලා කියන්නෙ.ඒ තමයි  ඉතාලියේ පීසා නගරයේ පිහිටි ඇළවෙන කුලුණ.

වර්ෂ 1173 දී නිර්මානය කරනු ලැබූ මෙම කුලුණ  ඇලවු ආකාරයෙන්   පිහිටා තිබීමේ විශේශත්වය  නිසාම ලෝක  පුදුමයන්ගෙන් එකක් ලෙසට ද සැලකෙනවා.මෙම  කුළුණ ඇලවීමට හේතුව  එය නිර්මාණය කරන අවස්ථාවේ යටිපස ප්‍රමාණවත් ලෙස ශක්තිමත් වී නොතිබීම කියලයි  ඉංජිනේරුවන් ප්‍රකාශ කරන්නේ.

දන්නවාද, මේ කුළුණ නිර්මාණය කිරීම  වර්ෂ 1173 දී ඇරඹුනාට, එය අවසන් කරන්න වසර 199 කට ආසන්න කාලයක් ගත වෙලා තියනවා.අදියර 3ක් යටතේ නිර්මාණය කරනු ලැබූ මෙම කුලුණ දෙවන මහල නිමකරන අතරතුර තමයි  පළවෙනි වතාවට එක් පසකට ඇලවීම ආරම්භ වී තිබෙන්නේ.ඒ හින්දාම මෙහි වැඩ කටයුතු ශතවර්ෂයක් පමණ කාලයක් නතර වෙලත් තිබුණා.මේ කුලුණේ තවත් විශේෂත්වයක් තියනවා.ඒ තමයි මේ කුළුණ සකසලා තියෙන්නේ ගල්, මාර්බල්, හුනුගල් වගේ අමුද්‍රව්‍ය භාවිතයෙන්.

මේ වෙනකොටත් කුළුණ ඇලවෙන්නට පටන් ගෙන තිබුණ හින්දා එය වළක්වන්නට අනෙක් මහල් වල එක පැත්තක උස වැඩි වන  ආකාරයට තමයි නිර්මාණය කරල තියෙන්නෙ.

වර්ෂ 1284  දී යුධ ගැටුම් හේතුවෙන් මෙහි වැඩ කටයුතු ඇන හිටියත්, 1319 වෙනකොට 7 වන මහල දක්වා වැඩ නිම කර තිබුනා. 1372 දී අවසාන වශයෙන් ඝණ්ටාර කුටීරය ද මීට එක් කරනු ලැබුවා. ඒ අනුව මෙහි වැඩ කටයුතු අවසන් වෙද්දී තට්ටු 8 කින් යුක්ත කුලුණක් විදියට අපිට වදකින්න පුලුවන්.

මෙහි මුලු‍ බර ටොන් 14.500 ක් පමණ වන බවට ගණන් බලා තියෙනවා. මුලින්ම කුළුණ අංශක 5.5 ක් පමණ ඇලවී තිබුණත්, 1990 සහ 2001 අතර සිදුවූ ප්‍රතිසංස්කරණ හේතුවෙන් එය අංශක 3.97 පමණ දක්වා අඩු වී තිබෙනවා.ඒ ව්තරක් නෙමෙයි ඇතුළතට නැගීමට ඒ ඇතුළෙ සර්පිලකාර සෝපාන 294 ක් සකසා තියෙනවා.

 ඒත් ‍ඔයාලාව දන්නවද පීසා කුළුණ කඩන් නොවැටෙන්නේ ඇයි කියලා.

ඊට විද්‍යාත්මක කාරණාවක් මුල් වෙනවා.යම් වස්තුවක් පෙරළීමෙන් තොරව තිබීමට නම්, එහි ස්කන්ධ කේන්ද්‍රයෙන් අඳින ලද අභිලම්භය, පාදම තුළ පැවතිය යුතුයි. පීසා කුළුණෙහිත් ස්කන්ධ කේන්ද්‍රයයෙන් අඳින ලද අභිලම්භය පාදම තුළ පිහිටා තිබෙන ආකාරය නිරීක්ෂණය කරන්න පුලුවන්.ඒ විතරක් නෙමෙයි එහි අත්තිවාරම ද ගැඹුරට පිහිටා තිබෙනවා. එම හේතු නිසා කුළුණ කඩා නොවැටී පවතිනවා. තව ද ශක්තිමත්ව ඉදිවුණු කුළුණ කම්පනවල දී මෘදු පතුල තුළ චලනය වී යළි මුල් පිහිටුමට එන බව පසු කලෙක සොයාගනු ලැබුවා. ඒ අනුව මෙය සැලකිය යුතු කාලයක් නොපෙරෙළී පවතිනු ඇති බව විද්‍යාඥයන්ගේ අනුමානය

No comments:

Post a Comment

"හොන්ඩා" HONDA

    ' එදා මම මේ රථය ළඟට දුවගෙන ගියේ පිස්සෙක් වගේ.ගිහින් ඒ දිහා බලගෙන ඉද්දි රථයෙන් දහනය වී ගලාගෙන ආපු තෙල් සුවඳ මට අද වගේ මතකයි.ඒ සුවඳ ...