Tuesday, 1 October 2024

RV Flip‍ යාත්‍රාව

 


මුහුදු යාත්‍රා කිව්වම ඔයලාට මුලින්ම මතක් වෙන්නේ මොනවද?

නැව්.... සබ්මැරීන්....?

ඒ අතරිනුත් ට‍යිටැනික්,සැන්ටා මරීයා,ඇරිසෝනා වගේ ලොකු කතාවක් එක්ක ඉතිහාසගතව ප්‍රසිද්ධියට පත් වුනු නෞකා කියලා අපි දන්නවා.ඒත් එතරම් ප්‍රසිද්ධියට පත් නොව්නත් අද අපි කතා කරන්නේ ලෝකයේ නිර්මාණය කර තිබෙන දුර්ලබ ගණයේ මුහුදු යාත්‍රාවක් ගැන.සාගරය පිළිබඳ පර්‍යේෂණ නෞකා ලෝකයේ ඕනෑතරම් තිබෙනවා.

RV Flip යාත්‍රාව කියන්නෙත් ඒ වගේ මුහුද මැද පරික්ෂණ කරන යාත්‍රාවක්.මේ නෞකාව මේ තරම් විශේෂ වෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා.සාමාන්‍යයෙන් නෞකාවක් මුහුද මැද පිහිටලා තියෙන්නෙ තිරස් අතට.

ඒත් තිරස් අතට වගේම සිරස් අතට මාරු විය හැකි ලොව එකම යාත්‍රාව Flip යාත්‍රාව වීම විශේෂත්වයක්.වර්ශ 1962 දී නිර්මාණකරනය ගැන කතා කලොත් එය  ඇමරිකා එක්සත් ජනපදයේ නාවික ඉන්ජිනේරු  කණ්ඩායමකගේ දැවැන්ත උත්සහයක ප්‍රතිඵලයක් විදියට හඳුන්වන්නට පුලුවන්.

එහිදී මේ යාත්‍රාවේ දිග මීටර් 108 ක් සහ බර ටොන් 700 ක් පමණ වන ආකාරයට තමයි ඔවුන් මේ නිමැයුම කරල තියෙන්නෙ.ඉන්ජිනේරුවන් විසින් එය නිර්මාණය කර ඇත්තේ අංශක 90ක් සෘජුව සිරස් අතට ගමන් කළ හැකි වන ආකාරයට

මෙම නෞකාව මුහුද මැද අංශක 90ක් ස්ෘජුව සිරස් අතට හැරවීමට  මිනිත්තු 30ක් පමණ කාලයක්  ගත වනවා.එහිදී මුහුදු ජලය නෞකාවේ පිටුපස ඇති විශාල ටැංකි වලට පොම්ප කරන අතර එමඟින් නැව ජලයේ ගිලී සිරස් අතට පරිවර්තනය වීම සිද්ධ වෙනවා.විශේෂම කාරණාව තමයි මෙම යාත්‍රාවෙ වැඩි කොටසක් ජලයයෙන් ගිලී පැවතීම.

මෙම නෞකාව නිර්මාණය කළ කාලයේ පටන් අද දක්වා මෙය මුහුදු සහ සාගර විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයේ වැදගත්ම නෞකාවක් ලෙස සලකනවා ඊට හොඳම උදාහරනය තමයි තරුණ සාගර ගවේෂකයන් ඔවුන්ගේ ව්‍යාපෘති සඳහා මෙම නෞකාව භාවිතා කිරීම

ඒ විතරක් නෙමෙයි මෙම නෞකාවෙහි මුහුදු ජලයෙන් වැසී  තිබෙන කොටස මීටර් 91ක් වන අතර සාගර ජලයෙන් ඉහලට පිහිටා තිබෙන කොටස මිටර් 17 වනවා.ඒ කියන්නෙ මෙහි වැඩි ප්‍රමාණයක් සාගර පතුලට වෙන්න තමයි පිහිටලා තියෙන්නෙ.

මෙම නෞකාව එම රටේ යුද්ධමය මෙන්ම ජාතික ආරක්ෂක  කටයුතු සඳහා දැඩි දායකත්වයක් ලබා දෙනවා. 

නෞකාවේ ඇතුළත කොටස පිලිබඳ අධ්‍යනය කරද්දී තහවුරු උනේ මෙහි   කාමරවල බඩු භාහිරාදිය නෞකාවේ හැසිරවීම්වලට ගැළපෙන පරිදි නිර්මාණය කර තිබීමයි. එනම් එක් කාමරයකට දොරවල් දෙක බැඟින් තිබීමත් විශේශත්වයක්

 

 

No comments:

Post a Comment

"හොන්ඩා" HONDA

    ' එදා මම මේ රථය ළඟට දුවගෙන ගියේ පිස්සෙක් වගේ.ගිහින් ඒ දිහා බලගෙන ඉද්දි රථයෙන් දහනය වී ගලාගෙන ආපු තෙල් සුවඳ මට අද වගේ මතකයි.ඒ සුවඳ ...