Sunday 7 May 2023

ලෝකයේ වඳ වී යන සත්ව විශේෂ.....

 



                                                          මිහිමත වාසය කරන බොහෝ ජීවීන් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳ වී යන බව පර්‌යේෂකයෝ සඳහන් කරති. ගස් කැපීම කැලෑ එළිපෙහෙලි කිරීම අවිධිමත් කෘෂි රසායන භාවිතය පරිසර දූෂණය ගෝලීය උෂ්ණත්වය ඉහළයාම හා කාලගුණ විපර්යාසයන්ද ජීවින් වඳවීමට හේතු වී ඇත. ජෛව විවිධත්ව මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි වර්තමානයේ ජීවත්වන සතුන්ට සියයට අනූනවයක්ම තර්ජනය වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම්ය. සෑම වසරකම සත්ව ගහණයෙන් 0.01% - 0.1% ක ප්‍රමාණයක් මිහිමතින් වඳවී යන බව වාර්තාවේ. වන විනාසය සතුන්ගේ වාසස්ථාන අහිමිවීමත් නිසා කුරුලු වර්ග 3ක් 2018 වසරේ වඳවීගොස් ඇති බව විද්‍යාඥයෝ පවසති.
                                                   ක්‍රිප්ටික් ට්‍රී හන්ටර්, ඇලගොආස් පෝලියෙජි ග්ලිනර් හා හවායි පූලි එලෙස වඳවී ගිය කුරුලු වර්ග තුන බැව් පක්ෂි ජීවි ජාත්‍යන්තරය සඳහන් කරයි. ක්‍රිප්ටික් ටී හන්ටර් පක්ෂියා සෙ.මි 22ක් දිග ග්‍රෑම් 48 ක් බරැති හිස අළුපැහැයට හුරු කළු පැහැයෙන් ද බෙල්ල පිටුපස හා ශරීරය රන්වන් පාටට හුරු දුඹුරු පැහැයෙන් යුක්තය. ඇලගොආස් පෝලියේජි ග්ලීනර් සෙ.මි 18ක් දිග ග්‍රෑම් 30 - 38 අතර බර කැපීපෙනෙන කළු පැහැයට හුරු තද දුඹුරු පාටින් යුතු පක්ෂියෙකි. හවායි පූලි හිස කළු පැහැයෙන් හා පිට පෙදෙස දුඹුරු පැහැයෙන්ද බඩ පෙදෙස ක්‍රීම් පැහැයෙන්ද යුක්ත සෙ.මි 14ක් දිග ග්‍රෑම් 25ක් බර කළු පැහැති පාද ඇති පක්ෂියෙකි.

පින්ටා දූපත් ඉබ්බා.


  මොවුන් ඉක්වදෝර්හි පින්ටා දූපත නිජබිම කරගෙන ජීවත්වන විශාල ඉදිබු වර්ගයකි. ආහාරය සඳහා මරා දැමීම නිසා වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇත. බ්‍රසීලියානු ස්පික්ස් මැකෝ කහ පැහැති හා රතු පැහැති මල් පූදින කරේයිබා ගස්මත ජීවත්වන පක්ෂියෙකි. වන විනාශය නිසා මෙම ගස් විනාශ වීමෙන් වාසස්ථාන අහිමිවීමෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. දැනට විවිධ රටවල ඇති සත්වෝද්‍යානවලදී පමණක් දැක ගතහැකි බව වාර්තා වේ.
                                        සිමීටර් ඔරික්ස් උතුරු අප්‍රිකාවේ ටියුනීසියාව මොරොක්කෝ හා සෙනගල් නිජබිම කරගෙන ජීවත්වන ගෝනුන් වර්ගයට අයත් සිව්පාවෙකි. ඉහළ වටිනාකමක් ඇති මෙම සතුන්ගේ අං ලබාගැනීම සඳහා දඩයම් කිරීම හේතුවෙන් වඳවීයාමේ තර්ජයනට ලක්ව ඇත. රුසියාව හා චීනය යන රටවල ජීවත්වන අමුර් දිවියාද දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින සතෙකි. අලංකාර ලොම් සහිත සම් ලබාගැනීම සඳහා දඩයම් කිරීම හේතුවෙන් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති බව සොබාදහම සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමය (IUCN) සඳහන් කරයි. නීතිවිරෝධී ලෙස දඩයම් කිරීම හා වන විනාශය මොවුන් වඳවී යාමට තවත් හේතුවක් වී ඇත.


කළු රයිනෝ.


                                                   නැගෙනහිර හා දකුණු දිග අප්‍රිකාවේ වාසය කරන කළු රයිනෝද කෙන්යාවේ ජීවත්වන උතුරු දිග සුදු රයිනෝද ඉන්දුනීසියාවේ වාසය කරන ජාවා රයිනෝද මලයාසියාවේ ජීවත්වන සුමාත්‍රානු රයිනෝද දඩයම් කිරීම වන විනාශය ලෙඩ රෝග වැනි කරුණු නිසා වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින බව අයියූසීඑන් සංගමය සඳහන් කරයි. චීනයේ සාම්ප්‍රදායික දේශීය වෙදකම් සඳහා කළු රයිනෝ අඟ ලබා ගැනීමට මරා දැමීම නිසාද කළු රයිනෝ සතුන්ගේ වඳවී යාමට හේතුවක් වී ඇත.   
                                                           
                       වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින තවත් සතෙකු ලෙස සොබාදහම සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමය සඳහන් කරනුයේ තපානුලි ඔරංඋටංය ඉන්දුනීසියාවේ වාසය කරන මෙම සතුන් ආසියාවේ වෙසෙන විශාල වානර වර්ගයට අයත් වේ. මෙම සතුන් දුරින් මිනිස් වර්ගයාට නෑකම් කියන බුද්ධිමත් සතකු ලෙස පිළිගැනේ. වන විනාශයත් නීති විරෝධී දඩයම් කිරීම නිසාත් දැඩිලෙස වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින සත්ව විශේෂයකි. සොබාදහම සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමය සඳහන් කරන පරිදි පසුගිය වසර 75 තුළ ඔරංඔටං සත්ව ගහණයෙන් 80% ප්‍රධාන වශයෙන් වන විනාශය නිසා විනාශ වී ඇත.
                                                    
                                              වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින තවත් සත්ව විශේෂයක් වනුයේ ක්‍රොස් රිවර් ගොරිල්ලාය නයිජිරියාවේ වාසය කරන මෙම සතුන් ක්‍රොස් රිවර් ගොරිල්ලා හා කඳුකර ගොරිල්ලා යනුවෙන් වර්ග දෙකකි. නීති විරෝධී දඩයම් කිරීම වන විනාශය සුරතල් සතුන් ලෙස වෙළෙඳාම් කිරීම එබෝලා වෛරසය බෝවීම නිසා උග්‍රලෙස වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින බුද්ධිමත් සතකු ලෙස සඳහන් වේ. ගයනාවේ වාසය කරන බටහිරදිග චිම්පන්සියාද ඔවුන්ගේ නිජබිම මිනිසා විසින් ආක්‍රමණය කිරීමේ හේතුවෙන් වාසස්ථාන අහිමිවීම නිසාද නීතිවිරෝධී දඩයම් කිරීම හා ලෙඩරෝග වැළඳීම නිසාද වඳවී යාමට ආසන්න මිනිසාට බොහෝ දුරට සමානකම් ඇති සත්ව විශේෂයකි.

මැලේසියාවේ ජීවත්වන මලයානු කොටියා.

                                                  මැලේසියාවේ ජීවත්වන මලයානු කොටියා ද නීතිවිරෝධී දඩයම් කිරීම සංවර්ධන කටයුතු වෙනුවෙන් මොවුන්ගේ වාසස්ථාන අහිමිවීමද නිසා වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින සිව්පාවෙකි. සාම්ප්‍රදායික දේශීය වෙදකම් සඳහා මරාදැමීම වඳවී යාමට හේතුවක් වී ඇත. නීතිවිරෝධී දඩයම් කිරීම සංවර්ධන කටයුතු වෙනුවෙන් මොවුන්ගේ වාසස්ථාන අහිමිවීමද නිසා වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින සිව්පාවෙකි. සාම්ප්‍රදායික දේශීය වෙදකම් සඳහා මරාදැමීම වඳවී යාමට හේතුවක් වී ඇත.   
                                                    
                                                          ලොව පුරාම ජීවත්වන හෝකස්බිල් මුහුද කැස්බෑවා ද වඳවී යාමට ආසන්න සතකු ලෙස හැඳින්වේ. මෙම සතුන්ගේ කටුව අරුමෝසම් භාණ්ඩ සෑදීම සඳහා ලබා ගැනීමට මරාදැමීම නිසා වඳවී යාමේ ප්‍රවණතාව වැඩිවී ඇත. ඉන්දියාවේ වාසය කරන රෙඩි ක්‍රවුන්ඩි රූෆ් කැස්බෑවුන්ද ජලය දූෂණයවීම නිසා නේපාලය හා බංගලාදේශයේ සිට පැමිණි සතුන්ය. නීතිවිරෝධී මාළු දැල්වලට හසුවීමෙන්ද විනාශයට පත්වෙමින් සිටින ඉන්දියාවේ චම්බාල් ගංගාවේ ජීවත්වෙන මිරිදිය කැස්බෑවුන් විශේෂයකි. දැනට ජීවත්ව සිටිනුයේ 500ක් පමණ කැස්බෑවුන් සංඛ්‍යාවක් බව අයියූසීඑන් සංගමය සඳහන් කරයි.



7 comments:

මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ ඔබ දැනුවත් ද?

  මැදහත් බවින් යුතුව යමක් දෙස බැලීම මාධ්‍යයේ භූමිකාවයි. ඒ තුළින් ලබා දෙන සංදේශය නිවැරදි ලෙස වටහා ගැනීමට ඇති හැකියාව මාධ්‍ය සාක්ෂරභාවයෙන් යුත...