Friday, 30 June 2023

අසිරිමත් සිංහරාජ වනාන්තරය

 

                                         

                                    ශ්‍රී ලංකාව සතුව තිබෙන වටිනාම සම්පත් අතුරින් සිංහරාජ වනාන්තරයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ.ලක්දිව විසූ අවසන් සිංහයා තම ආධිපත්‍යය පතුරුවමින් වාසය කළ මහා වනය පසු කලෙක සිංහරාජය ලෙස හැඳින්වූ බවට ද මතයක් තිබේ. මේ සිංහයා මරා දැමීමට භාවිතා කළ බව කියන ගල් සහිත ප‍්‍රදේශය යෝධ ගල්ගොඩ නමින් හඳුන්වන බවත්,  සිංහයා ජීවත්වූ ප‍්‍රදේශය සිංහගල ලෙසත් සිංහයා විසූ ගුහාව සිංහ ගුහාව ලෙසත් අදටද ව්‍යවහාරයේ පවතී.නිරිතදිග පහතරට තෙත් පරිසර කලාපයේ පිහිටි සිංහරාජ වැසි වනාන්තරය මිල කළ නොහැකි ජෛව විවිධත්ව උණුසුම් ප්‍රදේශයක් සහ නිවර්තන සදාහරිත කඳුකර  වැසි වනාන්තරයක් ලෙස සැලකිය හැකිය.යුනෙස්කෝව 1988 දී  සිංහරාජ වැසි වනාන්තරය ස්වාභාවික ලෝක උරුම ස්ථානයක් ලෙස නම් කළේය. 1988 සිට එය ලෝක ජෛවගෝල රක්ෂිතයක් ලෙසද යුනෙස්කෝව විසින් නම් කරනු ලැබ ඇත.මෙය ශ්‍රී ලංකාවේ පහත් බිමක පිහිටි එකම ප්‍රාථමික නිවර්තන වැසි වනාන්තරය වන අතර ලොව ඇති අසේවිත වනාන්තර කිහිපය අතරින් එකකි. හරිත වියන සහ ඉහළ ජෛව විවිධත්වය සිංහරාජ වනයේ ඇති වඩාත්ම කැපී පෙනෙන අගයන් වේ. එහි ඇති ගස් වලින් 60% කට අධික ප්‍රමාණයක් ඒකදේශික වන අතර ඒවා අතරින් බොහොමයක් දුර්ලභ වර්ග වේ.සිංහරාජය දිස්ත්‍රික්ක තුනකට මායිම්ව පිහිටා ඇති වනාන්තරයකි. 

                                

එනම්රත්නපුරය, ගාල්ල, සහ මාතර යන දිස්ත්‍රික්කවලට මායිම්වයි.හෙක්ටයාර 11187ක විශාලත්වයකින් යුත් සිංහරාජ වනාන්තරය එක් එක් දිශාවෙන් මායිම්ව ඇත්තේ මෙසේයි.

 

*දකුණු දිශාවෙන්- ගිං ගඟ සහ මහදොළ

*උතුරු දිශාවෙන්- නාපොල දොළ සහ කොස්ගුලන ගඟ

*බටහිර දිශාවෙන්- කළුකන්දාව ඇළ සහ කුඩව ගඟ

*නැගෙනහිර දිශාවෙන්- මෝනිංසයිඩ් වතු යාය

 

එසේම සිංහරාජ වනාන්තරය තුළට පිවිසීම සඳහා ප්‍රධාන මාර්ග 4ක් තිබේ. පහත දක්වා ඇත්තේ එම මාර්ග හතර යි.

 

1) දෙනියාය-පල්ලේගම මාර්ගය

2) කලවාන-වැද්දාගල මාර්ගය

3) රක්වාන-මෝනිංසයිඩ් මාර්ගය

4) හිනිදුම-නෙළුව මාර්ගය



රක්වාන කඳුවළල්ලට අයත්වන මෙම වනය දිගින් කිලෝ මීටර 21 ක් වන අතර අවම පළල කිලෝමීටර තුනකි. උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 1171 ක් වූ පිටිගල කන්දයි. පහත දක්වා ඇත්තේ සිංහරාජයේ උසම කඳු මුදුන් පහ යි.

                 1) කොස්ගුලන

                 2) සිංහගල

                 3) මුලා වැල්ල

                4) හිනිපිටිගල- නැගෙනහිර

                5) හිනිපිටිගල- බටහිර

                                          අවම වර්ෂාපතනයක් ලැබෙන පෙබරවාරියේ පවා මිලි මීටර 180 ත් 200 ත් අතර වැසි පවතී දූවිලි ඇල්ල, බ‍්‍රාහ්මන ඇල්ල, ඌරා වැටුණු ඇල්ල වැනි අලංකාර දිය ඇලි කිහිපයක්ම නිර්මාණය කරමින් වනයෙන් ගලා එන ජල දහරාවන්ගෙන් ගිං ගග සහ කළු ගග පෝෂණය ලබයි. එසේම එම ප්‍රදේශයේ වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 18-27 අතර පරාසයක පවතිි.

          සිංහරාජයේ ශාක පද්ධතිය ප්‍රධාන ස්ථර 5කින් යුක්තයි.ජෛව විවිධත්වයෙන් අනූන මෙම පරිසර පද්ධතිය තුළ හෙක්ටයාරයකට 240000ක පමණ ශාක ඝනත්වයක් දක්නට ලැබේ. මෙහි දී දක්නට ලැබෙන දැවමය වටිනාකමක් ඇති ශාක විශේෂ 340 අතරින් ශාක විශේෂ 192ක්ම ලංකාවට ආවේණික ඒවා යි. එම ශාක විශේෂ 192ක අතරින් 15ක් දක්නට ලැබෙන්නේ සිංහරාජ වනාන්තරය තුළ දී පමණ යි. එසේම මෙහි ඇති ශාකවලින් 75%ක පමණ ප්‍රමාණයක් මෙරටට ආවේණික ශාක විශේෂ යි. පහත දක්වා තිබෙන්නේ සිංහරාජ වනාන්තරය තුළ පිහිටා තිබෙන ශාක පද්ධතියේ ප්‍රධාන ස්ථර 5 පිළිබඳව යි. සියයට 75 කට අධික ආවේණික ශාකවලින් යුතු සිංහරාජයේ ලෝකයට මෙතෙක් හඳුන්වා නොදුන් ශාක සිය ගණනක් ඇතැයි පර්යේෂකයෝ පවසති.

 

1) නෙරු ස්ථරය- දොරණ, හොර, භූ හොර වැනි ශාකවලින් පෝෂණය වී තිබේ

2) වියන් ස්ථරය-  බෙරලිය, ඇටඹ, බටු නා, වැලිපියන්න, කීන වැනි ශාකවලින්  පෝෂණය වී තිබේ

3) උප වියන් ස්ථරය- උබ්බේරිය, කිතුල්, ගල් හැඩවක, මලබොඩ, කටමොද වැනි ශාකවලින්  පෝෂණය වී තිබේ

4) යටි වියන් ස්ථරය- කුඩුම්බේරිය, මඩොල්, වැලිපියන්න, කීන, බෙරලිය, වැනි ශාකවලින් පෝෂණය වී තිබේ

5) බිම් ස්ථරය- මී වන, වැරණිය, කැප්පෙටිය, ගිණිහොට වැනි ශාකවලින් පෝෂණය වී තිබේ

                                සිංහරාජය අවට ගම්වල සිටින ගම්වාසීන් පවසන්නේ අතීතයේ දී මෙම වනාන්තරය තුළ අලින් බහුලව සිටි බව යි. නමුත් වර්තමානය වන විට මෙහි සිටින අලි ගහණය විශාල ලෙස අඩු වී තිබේ. නමුත් ගෝනා, කොළ දිවියා, ඕලු මුවා, වැනි සත්ත්ව විශේෂ රැසක් මෙම වනාන්තරය තුළ දී දැකගන්නට පුළුවනි. එසේම මෙරටට ආවේණික ක්ෂීරපායී සත්ත්ව විශේෂ‍යන් 12න් 8ක් මෙහි දී දක්නට ඇත. තවද පක්ෂි විශේෂ 160ක් පමණ වාසය කරන මෙම වනාන්තරයේ ලංකාවට ආවේණික පක්ෂීන් විශේෂ 18ක් පමණ දැකිය හැකියි. හිස අළු දෙමලිච්චා, කැහිබෙල්ලා, සහ පතිගෝමර තිරාසිකයා එම කුරුළු විශේෂ අතරට අයත් වේ.

 

                                                එසේම මෙහි විශේෂ 45 කට අයත් උරගයන් සිටින අතර, ඉන් විශේෂ 21 ලංකාවට අවේණික යි. එලෙස ලංකාවට ආවේණික උරග වර්ග අතරට කටුසු විශේෂයන් කිහිපයක්, ඉබ්බන් හා හිකනළුන් ද අයත්. ඊට අමතරව අතිශය දුර්ලභ තෙවර්ණ කෙනිපාතුවැල්ලා හා කුරුන් කරවලා නැමැති සර්ප විශේෂ‍යන් දෙක ද සිංහරාජයේ දී දැකිය හැකියි. තවද මූකලන් කටුස්සා, කරමල් බෝදිලිමා සහ පුංචි අං කටුස්සා සිංහරාජයේ දී හමුවේ. ඉතා දුර්ලභ මූකලන් කටුස්සා හා විශාලතම කටුස්සා වන කරමල් බෝදිලිමා ද පුංචි අං කටුස්සාද සිංහරාජයේ තවත් උරග විශේෂ කිහිපයකි. අතිශය දුර්ලභ උභයජීවී විශේෂ 50 ක් පමණ ද සිංහරාජයේ වාසය කරයි. අත්පා රහිත ගෙඹි විශේෂයක් වන කහ වයිරම් පණු ගෙම්බා සිංහරාජයේ වගුරු ආශි‍්‍රත බිම් වල පස් යට ජීවත් වෙයි. , ක්ෂීරපායීන් 40 ක් පමණ, මිරිදිය මත්ස්‍ය විශේෂ 20 ක් හා සමනළ විශේෂ 65 ක් පමණද සිංහරාජ වනාන්නරයෙන් වාර්තාවේ.

                                                                                                   එසේම මෙහි විශේෂ 45 කට අයත් උරගයන් සිටින අතර, ඉන් විශේෂ 21 ලංකාවට අවේණික යි. එලෙස ලංකාවට ආවේණික උරග වර්ග අතරට කටුසු විශේෂයන් කිහිපයක්, ඉබ්බන් හා හිකනළුන් ද අයත්. ඊට අමතරව අතිශය දුර්ලභ තෙවර්ණ කෙනිපාතුවැල්ලා හා කුරුන් කරවලා නැමැති සර්ප විශේෂ‍යන් දෙක ද සිංහරාජයේ දී දැකිය හැකියි. තවද මූකලන් කටුස්සා, කරමල් බෝදිලිමා සහ පුංචි අං කටුස්සා සිංහරාජයේ දී හමුවේ. ඉතා දුර්ලභ මූකලන් කටුස්සා හා විශාලතම කටුස්සා වන කරමල් බෝදිලිමා ද පුංචි අං කටුස්සාද සිංහරාජයේ තවත් උරග විශේෂ කිහිපයකි. අතිශය දුර්ලභ උභයජීවී විශේෂ 50 ක් පමණ ද සිංහරාජයේ වාසය කරයි. අත්පා රහිත ගෙඹි විශේෂයක් වන කහ වයිරම් පණු ගෙම්බා සිංහරාජයේ වගුරු ආශි‍්‍රත බිම් වල පස් යට ජීවත් වෙයි. , ක්ෂීරපායීන් 40 ක් පමණ, මිරිදිය මත්ස්‍ය විශේෂ 20 ක් හා සමනළ විශේෂ 65 ක් පමණද සිංහරාජ වනාන්නරයෙන් වාර්තා වේ.

              සිංහරාජ වනාන්තරයට මුලින්ම ප්‍රවේශ මාර්ගයක් ඉදිකළේ 1963 වසරේ දී යි. ඒ වැද්දාගල සිට කුඩාව දක්වා යි. පසු කලෙක කැනඩාවේ රීඩ් කොලින්ග්ස් ඒකාබද්ධ සමාගමේ සහාය ඇතිව කොස්ගම තුනී ලෑලි සංස්ථාව පිහිටුවා ඒ සඳහා අවශ්‍ය දැව ලබාගැනීමට සිංහරාජ වනාන්තරයේ උතුරු ප්‍රදේශයෙන් හෙක්ටයාර 5000ක පමණ බිම් ප්‍රදේශයක් වෙන් කර දැව හෙලීම් ආරම්භ කළහ. එසේම අඩි 12-15ක පමණ ප්‍රමාණයෙන් යුත් දැව ප්‍රවාහන මාර්ග ද  ඉදිකරනු ලැබුවේය. එලෙස 1972-1977 කාල සමයේ දී සිංහරාජය ආශ්‍රිතව සිදුවුණු දැවැන්ත පරිසර හානියට එරෙහිව මහජනයා දැඩි විරෝධයක් එල්ල කලහ එදා මහජනතාව විසින් එල්ල කළ දැඩි විරෝධය හමුවේ එම දැව හෙලීම් නතර කළහ. නමුත් ඒ වන විටත් වනාන්තරයේ හෙක්ටයාර 2500කට ආසන්න බිම් ප්‍රමාණයක් විනාශ වී තිබුණි එදා දැව ප්‍රවාහනය සඳහා ඉදිකළ මාර්ග අදටත් සිංහරාජය ආශ්‍රිතව දක්නට ලැබේ එසේම මෙම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ඇතැම් මිනිසුන් ද වනය විනාශ කිරීම සිදු කරනු ලැබීය පසුගිය කාල සමයේ දී ඔවුන් විසින් සිදුකළ අහිතකර දේවල් ද බොහෝය

 1) සතුන් දඩයම් කිරීම

                                                            2) ඇළ දොළ සහ ගංඟාවලින් අනවසරයෙන් වැලි ගොඩ දැමීම

 3) වල්ලාපට්ටා කැපීම

                                                  4) දොරණ තෙල් ලබාගැනීම සඳහා ගස්වලට හානි කිරීම

                         5) පැලෑටි ගැලවීම සහ බට වර්ග කැපීම

                                             සොබාදහම විසින් දායාද කළ සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව සිදුවන පරිසර විනාශය බොහෝ කාලයක සිට සිදුවෙමින් පවතින්නකි. විවිධ ක්‍රමයන් ඔස්සේ සිදුවෙමින් පවතින පරිසර හානිය මඟින් සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව තිබෙන දුර්ලභ ශාකවලට මෙන්ම එහි සිටින දුර්ලභ සතුන්ට ද හානියක් විය හැකියි. එම නිසා මෙම පරිසර පද්ධතිය රැකගැනීම සඳහා හඬක් නැගිය යුත්තේ පරිසරයට ආදරය කරන මහජනතාව යි. ඈත අතීතයේ දී සිංහරාජය විනාශ කිරීමට උත්සාහ කළ අවස්ථාවන්වල දී මහජනතාව නැගූ හඬ නිසා එම විනාශය වැළකී ගියේය. එම නිසා ඉදිරියේ දීත් අප සැම එකතු වී සිංහරාජය නම් වටිනා වන සම්පත රැක ගනිමු.






Sunday, 7 May 2023

ලෝකයේ වඳ වී යන සත්ව විශේෂ.....

 



                                                          මිහිමත වාසය කරන බොහෝ ජීවීන් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳ වී යන බව පර්‌යේෂකයෝ සඳහන් කරති. ගස් කැපීම කැලෑ එළිපෙහෙලි කිරීම අවිධිමත් කෘෂි රසායන භාවිතය පරිසර දූෂණය ගෝලීය උෂ්ණත්වය ඉහළයාම හා කාලගුණ විපර්යාසයන්ද ජීවින් වඳවීමට හේතු වී ඇත. ජෛව විවිධත්ව මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි වර්තමානයේ ජීවත්වන සතුන්ට සියයට අනූනවයක්ම තර්ජනය වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම්ය. සෑම වසරකම සත්ව ගහණයෙන් 0.01% - 0.1% ක ප්‍රමාණයක් මිහිමතින් වඳවී යන බව වාර්තාවේ. වන විනාසය සතුන්ගේ වාසස්ථාන අහිමිවීමත් නිසා කුරුලු වර්ග 3ක් 2018 වසරේ වඳවීගොස් ඇති බව විද්‍යාඥයෝ පවසති.
                                                   ක්‍රිප්ටික් ට්‍රී හන්ටර්, ඇලගොආස් පෝලියෙජි ග්ලිනර් හා හවායි පූලි එලෙස වඳවී ගිය කුරුලු වර්ග තුන බැව් පක්ෂි ජීවි ජාත්‍යන්තරය සඳහන් කරයි. ක්‍රිප්ටික් ටී හන්ටර් පක්ෂියා සෙ.මි 22ක් දිග ග්‍රෑම් 48 ක් බරැති හිස අළුපැහැයට හුරු කළු පැහැයෙන් ද බෙල්ල පිටුපස හා ශරීරය රන්වන් පාටට හුරු දුඹුරු පැහැයෙන් යුක්තය. ඇලගොආස් පෝලියේජි ග්ලීනර් සෙ.මි 18ක් දිග ග්‍රෑම් 30 - 38 අතර බර කැපීපෙනෙන කළු පැහැයට හුරු තද දුඹුරු පාටින් යුතු පක්ෂියෙකි. හවායි පූලි හිස කළු පැහැයෙන් හා පිට පෙදෙස දුඹුරු පැහැයෙන්ද බඩ පෙදෙස ක්‍රීම් පැහැයෙන්ද යුක්ත සෙ.මි 14ක් දිග ග්‍රෑම් 25ක් බර කළු පැහැති පාද ඇති පක්ෂියෙකි.

පින්ටා දූපත් ඉබ්බා.


  මොවුන් ඉක්වදෝර්හි පින්ටා දූපත නිජබිම කරගෙන ජීවත්වන විශාල ඉදිබු වර්ගයකි. ආහාරය සඳහා මරා දැමීම නිසා වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇත. බ්‍රසීලියානු ස්පික්ස් මැකෝ කහ පැහැති හා රතු පැහැති මල් පූදින කරේයිබා ගස්මත ජීවත්වන පක්ෂියෙකි. වන විනාශය නිසා මෙම ගස් විනාශ වීමෙන් වාසස්ථාන අහිමිවීමෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. දැනට විවිධ රටවල ඇති සත්වෝද්‍යානවලදී පමණක් දැක ගතහැකි බව වාර්තා වේ.
                                        සිමීටර් ඔරික්ස් උතුරු අප්‍රිකාවේ ටියුනීසියාව මොරොක්කෝ හා සෙනගල් නිජබිම කරගෙන ජීවත්වන ගෝනුන් වර්ගයට අයත් සිව්පාවෙකි. ඉහළ වටිනාකමක් ඇති මෙම සතුන්ගේ අං ලබාගැනීම සඳහා දඩයම් කිරීම හේතුවෙන් වඳවීයාමේ තර්ජයනට ලක්ව ඇත. රුසියාව හා චීනය යන රටවල ජීවත්වන අමුර් දිවියාද දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින සතෙකි. අලංකාර ලොම් සහිත සම් ලබාගැනීම සඳහා දඩයම් කිරීම හේතුවෙන් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති බව සොබාදහම සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමය (IUCN) සඳහන් කරයි. නීතිවිරෝධී ලෙස දඩයම් කිරීම හා වන විනාශය මොවුන් වඳවී යාමට තවත් හේතුවක් වී ඇත.


කළු රයිනෝ.


                                                   නැගෙනහිර හා දකුණු දිග අප්‍රිකාවේ වාසය කරන කළු රයිනෝද කෙන්යාවේ ජීවත්වන උතුරු දිග සුදු රයිනෝද ඉන්දුනීසියාවේ වාසය කරන ජාවා රයිනෝද මලයාසියාවේ ජීවත්වන සුමාත්‍රානු රයිනෝද දඩයම් කිරීම වන විනාශය ලෙඩ රෝග වැනි කරුණු නිසා වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින බව අයියූසීඑන් සංගමය සඳහන් කරයි. චීනයේ සාම්ප්‍රදායික දේශීය වෙදකම් සඳහා කළු රයිනෝ අඟ ලබා ගැනීමට මරා දැමීම නිසාද කළු රයිනෝ සතුන්ගේ වඳවී යාමට හේතුවක් වී ඇත.   
                                                           
                       වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින තවත් සතෙකු ලෙස සොබාදහම සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමය සඳහන් කරනුයේ තපානුලි ඔරංඋටංය ඉන්දුනීසියාවේ වාසය කරන මෙම සතුන් ආසියාවේ වෙසෙන විශාල වානර වර්ගයට අයත් වේ. මෙම සතුන් දුරින් මිනිස් වර්ගයාට නෑකම් කියන බුද්ධිමත් සතකු ලෙස පිළිගැනේ. වන විනාශයත් නීති විරෝධී දඩයම් කිරීම නිසාත් දැඩිලෙස වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින සත්ව විශේෂයකි. සොබාදහම සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමය සඳහන් කරන පරිදි පසුගිය වසර 75 තුළ ඔරංඔටං සත්ව ගහණයෙන් 80% ප්‍රධාන වශයෙන් වන විනාශය නිසා විනාශ වී ඇත.
                                                    
                                              වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින තවත් සත්ව විශේෂයක් වනුයේ ක්‍රොස් රිවර් ගොරිල්ලාය නයිජිරියාවේ වාසය කරන මෙම සතුන් ක්‍රොස් රිවර් ගොරිල්ලා හා කඳුකර ගොරිල්ලා යනුවෙන් වර්ග දෙකකි. නීති විරෝධී දඩයම් කිරීම වන විනාශය සුරතල් සතුන් ලෙස වෙළෙඳාම් කිරීම එබෝලා වෛරසය බෝවීම නිසා උග්‍රලෙස වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින බුද්ධිමත් සතකු ලෙස සඳහන් වේ. ගයනාවේ වාසය කරන බටහිරදිග චිම්පන්සියාද ඔවුන්ගේ නිජබිම මිනිසා විසින් ආක්‍රමණය කිරීමේ හේතුවෙන් වාසස්ථාන අහිමිවීම නිසාද නීතිවිරෝධී දඩයම් කිරීම හා ලෙඩරෝග වැළඳීම නිසාද වඳවී යාමට ආසන්න මිනිසාට බොහෝ දුරට සමානකම් ඇති සත්ව විශේෂයකි.

මැලේසියාවේ ජීවත්වන මලයානු කොටියා.

                                                  මැලේසියාවේ ජීවත්වන මලයානු කොටියා ද නීතිවිරෝධී දඩයම් කිරීම සංවර්ධන කටයුතු වෙනුවෙන් මොවුන්ගේ වාසස්ථාන අහිමිවීමද නිසා වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින සිව්පාවෙකි. සාම්ප්‍රදායික දේශීය වෙදකම් සඳහා මරාදැමීම වඳවී යාමට හේතුවක් වී ඇත. නීතිවිරෝධී දඩයම් කිරීම සංවර්ධන කටයුතු වෙනුවෙන් මොවුන්ගේ වාසස්ථාන අහිමිවීමද නිසා වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින සිව්පාවෙකි. සාම්ප්‍රදායික දේශීය වෙදකම් සඳහා මරාදැමීම වඳවී යාමට හේතුවක් වී ඇත.   
                                                    
                                                          ලොව පුරාම ජීවත්වන හෝකස්බිල් මුහුද කැස්බෑවා ද වඳවී යාමට ආසන්න සතකු ලෙස හැඳින්වේ. මෙම සතුන්ගේ කටුව අරුමෝසම් භාණ්ඩ සෑදීම සඳහා ලබා ගැනීමට මරාදැමීම නිසා වඳවී යාමේ ප්‍රවණතාව වැඩිවී ඇත. ඉන්දියාවේ වාසය කරන රෙඩි ක්‍රවුන්ඩි රූෆ් කැස්බෑවුන්ද ජලය දූෂණයවීම නිසා නේපාලය හා බංගලාදේශයේ සිට පැමිණි සතුන්ය. නීතිවිරෝධී මාළු දැල්වලට හසුවීමෙන්ද විනාශයට පත්වෙමින් සිටින ඉන්දියාවේ චම්බාල් ගංගාවේ ජීවත්වෙන මිරිදිය කැස්බෑවුන් විශේෂයකි. දැනට ජීවත්ව සිටිනුයේ 500ක් පමණ කැස්බෑවුන් සංඛ්‍යාවක් බව අයියූසීඑන් සංගමය සඳහන් කරයි.



"හොන්ඩා" HONDA

    ' එදා මම මේ රථය ළඟට දුවගෙන ගියේ පිස්සෙක් වගේ.ගිහින් ඒ දිහා බලගෙන ඉද්දි රථයෙන් දහනය වී ගලාගෙන ආපු තෙල් සුවඳ මට අද වගේ මතකයි.ඒ සුවඳ ...